Thursday, 15 November 2012

චීන කොමියුනිස්ට් පක්ෂයේ නව නායකත්වය ෂි ජින්පිංට

චීනයේ නව නායකයා ලෙස පාලක කොමියුනිස්ට් පක්ෂයේ මහ ලේකම් හා චීනයේ උප ජනාධිපති ධූරයේ කටයුතු කළ ෂි ජින්පිං පත්කර ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. වසර 10 ට ආසන්න කාලයක් චීනයේ ජනාධිපති ධූරය දැරූ හූ ජින්තාඕගේ නිල කාලය ඉක්මයාමත් සමග චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ සාමාජිකයින්ගේ ඡන්දයෙන් තේරීපත්වන දේශපාලන බියුරෝව විසින් නව නායකත්වය ව්‍යවස්ථානුකූලව පත්කර ගෙන තිබේ. ඒ අනුව ආර්ථිකමය වශයෙන් ලොව විශාලතම දෙවන චීන රාජ්‍යයේ ඉදිරි පස් වසරක කාලය ෂි ජින්පිං විසින් මෙහෙයවනු ඇති බව රොයිටර් පුවත් සේවය පෙන්වාදෙයි. චීනය ලෝකයේ ශක්තිමත්ම සහ බලවත්ම දේශයක් බවට පත් කිරීම තම අරමුණ බව ජනාධිපති ධුරයට පත්වීමෙන් අනතුරුව ෂි ජින්පිං ප්‍රකාශ කර ඇත.

No comments:

Post a Comment