Tuesday 6 November 2012

හකුළාගත් විශ්වවිද්‍යාල පනත යළි හොරපාරෙන් එයි - ssu

මතුවූ විරෝධතා හේතුවෙන් ආණ්ඩුව හකුළාගත් විශ්වවිද්‍යාල පනත නැවත කැබිනට් පත්‍රිකාවක් හරහා ගෙනඑන බව සමාජවාදී ශිෂ්‍ය සංගමය පවසයි. එහි ජාතික සංවිධායක නලින්ද ජයතිස්ස මහතා මේ බව පැවැසුවේ අද (06) බත්තරමුල්ල, පැලවත්ත ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේ පැවැති මාධ්‍ය සාකච්ඡාවකදීය. එහිදී ඒ මහතා වැඩිදුරටත් පැවැසූ අදහස් පහත පළවේ. ‘‘අධිකරණ ක්‍ෂෙත‍්‍රයේ සහ අයවැය සම්බන්ධ කරුණු ගණනාවක් මතුවෙලා තිබෙන මොහොතක සමාජවාදී ශිෂ්‍ය සංගමය විදියට අප කල්පනා කළා අධ්‍යාපනය සම්බන්ධයෙන්ද මතුවෙලා ඇති ගැටලූ ගණනාවක් ගැන අවධානය යොමු කරවන්න. එමෙන්ම එළඹෙන අයවැයේ දී අධ්‍යාපනයට වෙන්කළ යුතු ප‍්‍රතිපාදන ගැන ජනතාවගේ අවධානය යොමුකරලා ඒ ගැන ආණ්ඩුවට බලපෑමක් කරන්නත් අපි කල්පනා කළා. ආණ්ඩුවේ අධ්‍යාපන ප‍්‍රතිපත්තිය බවට පත්වෙලා තිබෙන්නේ අධ්‍යාපන පෞද්ගලීකරණයයි. එසේ අධ්‍යාපන පෞද්ගලීකරණයේදී ආණ්ඩුව මුහුණු දුන්න අභියෝග තිබුණා. එකක් තමයි නීතිමය බාධාවක් තිබුණා. 1978 අංක 16 දරණ විශ්වවිද්‍යාල පනත මගින් පෞද්ගලික විශ්වවිද්‍යා පිහිටුවීමට සෘජුව බලයක් ලබාදී නැති එක. එනිසා එජාපය, ශ‍්‍රිලනිප සභාග ආණ්ඩු ඒ සඳහා කළේ විශ්වවිද්‍යාල පනතේ නීතිවලින් රංගා පෞද්ගලීකරණය කරන්න උත්සාහ කළා. ඒ අනුව අවු.35ක කාලය තුළදී රටතුළ විශ්වවිද්‍යාල 08ක් දැම්මා. වත්මන් ආණ්ඩුවේ එස්.බී.දිසානායක ඇමතිවරයාත් උත්සාහ දරමින් ඉන්නේ පෞද්ගලීකරණ වැඩපිළිවෙල ඉදිරියට ගෙනඒමට. 2011 සැප්තැම්බර් මාසයේදී ආණ්ඩුව නව විශ්වවිද්‍යාල පනතක් කෙටුම්පත් කළා. එයට 2011 දෙසැම්බර් නීතිපති දෙපාර්ගමේන්තුවෙන් අනුමැතිය ලබාගත්තා. 2012 පෙබරවාරී හදිසි පනතක් ලෙස ගේන්න උත්සාහ කළා. එයින් උත්සාහ කළේ විශ්වවිද්‍යාල ප‍්‍රතිපාදන කොමිසමට අමතරව පෞද්ගලික විශ්වවිද්‍යාල නියාමනයට අධිකාරියක් පිහිටුවීමටත්, විශ්වවිද්‍යාල කොමිසමට සහ ස්ථාපිත කරන නව අධිකාරියට ඉහළින් මණ්ඩලයක් පත්කොට එම මණ්ඩලය ඇමතිවරයා යටතට ගැනීමටත්ය. ඒ අනුව රජයෙන් ලබාදෙන උපාධියත් පෞද්ගලික විශ්වවිද්‍යාලවලින් දෙන උපාධියත් සමාන මට්ටමකට ගෙන්න සහ පෞද්ගලික උපාධියට වටිනාකම වැඩිකිරීමටත් ආණ්ඩුව උත්සාහ කළා. ඒ වගේම ඉහතකී මණ්ඩලය යටතේ ආයතන දෙකක් ස්ථාපිත කරන්න යෝජනා කළා. එකක් සුදුසුකම් රාමු ඒජන්සියයි. අනෙක ප‍්‍රමිති ආරක්ෂණ ඒජන්සියයි. එයින්ද උත්සාහ කළේ පෞද්ගලික උපාධි සඳහා ජනතාවගේ තිබූ අවිශ්වාසය නැති කරලා ඒ සඳහා වටිනාකමක් ලබාදීමටයි. 2012 පෙබරවාරී සිට අධ්‍යාපන ක්ෂේත‍්‍රයට සම්බන්ධ සියලූදෙනාගේ විරෝධය හමුවේ ආණ්ඩුව අපේ‍්‍රල් මාසයේ පනත හකුළා ගත්තා. නමුත් ඒ පනතේ කොටස් විවිධ කැබිනට් පති‍්‍රකා හරහා කි‍්‍රයාවට නැගීමට උත්සාහ කරමින් ඉන්නේ. ඉන් එකක් තමයි උසස් අධ්‍යාපන අමාත්‍යවරයා විසින් 2012.10.08 දින කැබිනට් එකට යෝජනා කරනවා ශ‍්‍රී ලංකා සුදුසුකම් රාමු ඒජන්සිය පිහිටුවීමට. මෙහි බලාපොරොත්තුව තමයි රජයේ විශ්වවිද්‍යාලවලින් ලබාදෙන උපාධියත් පෞද්ගලික විශ්වවිද්‍යාලවලින් ලබාදෙන උපාධියත් සම මට්ටමට ගෙනල්ලා එයින් වඩා උසස් කුමක්දැයි තීරණය කිරීම. ඒ සඳහා එස්.බී. දිසානායක මහතා ජනතාව නොමග යවන ප‍්‍රකාශයක් කැබිනට් පති‍්‍රකාවට ඇතුල් කරලා තිබෙනවා. එයින් කියනවා ශ‍්‍රී ලංකාවේ ශිෂ්‍ය ශිෂ්‍යාවන් 5000-8000ත් අතර ප‍්‍රමාණයක් විදේශ රටවල අධ්‍යාපනයට යොමු වෙනවා කියලා. අපි අහනවා පශ්චාත් උපාධි ලබාගැනීම හැර මූලික උපාධි ලබාගැනීමට 5000-8000ක් විදේශ ගතවෙනවා කියන්නේ කුමන සාධක පදනම් කරගෙනද කියලා. කවර වර්ෂයේ දත්තද? මූලාශ්‍ර මොනවද කියලා සඳහන් කරන්න ඕනෑ. මුලදි කිව්වා විදේශ ශිෂ්‍යත්ව සඳහා මිලියන 5000ක් වැය වෙනවා කියලා කිසිදු සාධකයක් නැතිව. එවැනිම ප‍්‍රකාශයක් තමයි මේකත්. එම සුදුසුකම් රාමු ඒජන්සිය මගින් කුමන විශ්වවිද්‍යාලයද උපාධි ලබාදීමට සුදුසුකම් ලබන්නේ කියලා තීරණය කරන්න පුළුවන්. එයට එම බලය ලබාදී තිබෙනවා. අවශ්‍ය නම් රජරට විශ්වවිද්‍යාලයෙන් උපාධිලබාදීම නතර කරලා මාළඹේ පෞද්ගලික විශ්වවිද්‍යාලයෙන් උපාධි ලබාදීමට අවස්ථාව ලබාදෙන්න පුළුවන්. එනිසා අපි කියන්නේ ආණ්ඩුව පෞද්ගලික විශ්වවිද්‍යාල පනත හකුළාගත්තා යැයි ජනතාවට බොරු කීවට විවිධ කැබිනට් පති‍්‍රකා හරහා එම දේවල් කි‍්‍රයාත්මක කරමින් සිටිනවා කියලයි. ඊළඟට එස්.බී ඇමතිවරයා පෞද්ගලික විශ්වවිද්‍යාල පනත ගෙනත් එය කි‍්‍රයාත්මක කරන්න දිවිහිමියෙන් කැපවීම් කරමින් සිටිනවා. මාළඹේ වෛද්‍ය විද්‍යාලය නීත්‍යානුකූල නැති බව වෛද්‍ය සභාව කියද්දිත් ඇමතිවරයා මාළඹේ වෛද්‍යවිද්‍යාලයේ උපාධිය පිළිගන්නා බවට චක‍්‍රලේඛයක් නිතුත් කරනවා. වෛද්‍යවරුන් කියද්දී උපාධිය පිළිගන්න බැහැ ශික්ෂණ රෝහලක් නැතිව කියලා විරෝධය පළකරද්දී ආණ්ඩුවෙන් මිලියන 600ක ණයක් ලබාදුන්නා. ඒ මදිවට ඇමතිවරයා කළේ ශ‍්‍රී ලංකා වෛද්‍ය සභාවේ සභාපතිනියට තර්ජනය කරලා ඇය ඉල්ලා අස්වීමේ තත්වයට පත්කළා. වෛද්‍ය සභාවේ නෝනිස් මහතාට පහරදීමට කටයුතු සැලැස්සුවා, වෛද්‍ය සභාවේ වෛද්‍ය ලලන්ත රණසිංහ මතාගේ නිවසට බෝම්බ දැම්මා නමුත් පරීක්ෂණ නැහැ. ඒ වගේම මෙම මාළඹේ පෞද්ගලික විශ්වවිද්‍යාලයට එරෙහිව විශ්වවිද්‍යාල ආචාර්යවරුන් දෙදෙනකු සහ වෛද්‍යවරුන් මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොණු කළා. එහි තාක්ෂණික දෝෂයක් පදනම් කරගනිමින් අධිකරණය දින 30ක් ඇතුළත පෙත්සම ගොණු කළේ නැහැ කියලා නිෂ්ප‍්‍රභ කළා. එය පදනම් කරගෙන එස්.බී.ඇමතිවරයා කිව්වා ශ්‍රේෂ්ඨාධිකරණයත් පෞද්ගලික විශ්වවිද්‍යාල දීම පිළිගෙන තිබෙනවා කියලා. විවෘත ආර්ථිකයත් සමග සියල්ල පෞද්ගලීකරණය කළා. ඒ අනුව දැන් පෞද්ගලික ප‍්‍රවාහනනයටත් ඇමතිවරයෙක් ඉන්නවා. ඒ වගේම තමයි දැන් උසස් අධ්‍යාපනයට වගකියන ඇමතිවරයෙක් නැහැ. ඔහු වගකියන්නේ පෞද්ගලික අධ්‍යාපනය වෙනුවෙන්. එපමණක් නොවෙයි. පෞද්ගලික විශ්වවිද්‍යාල වෙනුවෙන් ආණ්ඩුවේ උවමනාව කොපමණද කියනවානම් කොතලාවල ආරක්ෂක විද්‍යාපීඨය මගින් උපාධිය විකිණීමට ආණ්ඩුව පටන් අරගෙන. යුධ සමයේ ති‍්‍රවිධ හමුදාවට අවශ්‍ය ඉංජිනේරුවරුන්, වෛද්‍යවරුන් සහ අනෙකුත් උපාධිධාරීන් බිහිකරන්නයි කොතලාවල විද්‍යාපීඨය ස්ථාපිත කළේ. නමුත් දැන් යුද්ධය අවසන්. දැන් එම අවශ්‍යතාවය අඩුවෙන්න ඕනෑ. නමුත් ආණ්ඩුවේ වියදමින් ශික්ෂණ රෝහලක් ඉදිකරලා මුදලට වෛද්‍ය උපාධිය විකිණීම ආරම්භ කරලා තිබෙනවා. ආණ්ඩුවේ අරමුදල්වලින් අධ්‍යාපනය ලබාදීලා රුපියල් ලක්ෂ තුනහමාරකට වෛද්‍ය උපාධිය විකිණීමට ආණ්ඩුව කටයුතු කරලා තිබෙනවා. ඒ නිසා මේ කරුණු පෙළගැසුවාම අපිට පෙනෙන්න තිබෙන්නේ මහින්ද චින්තනය, ආණ්ඩුවේ ප‍්‍රතිපත්තිය පෙළගැසිලා තිබෙන්නේ අධ්‍යාපනය විකිණීමේ දිසාවටයි. එනිසා තමයි ආණ්ඩුව කල්පනා කරන්නේ අධ්‍යාපනයට වෙන්කරන්නේ නැතිව නිදහස් අධ්‍යාපනය වෙනුවෙන් පැන නගින උද්ඝෝෂණ මර්දනයට මුදල් වෙන් කරන්නේ. විසර්ජන පනතෙන් 2013 සඳහා අපේක්ෂිත ආණ්ඩුවේ මුළු වියදමින් 5%ක් අධ්‍යාපනය වෙනුවෙන් වැය කරද්දී 25%ක් ආරක්ෂාව වෙනුවෙන් වෙන්කරනවා. ඒ වගේම තමයි අධ්‍යාපනය විකුණනවට අමතරව අධ්‍යාපනයට සම්බන්ධ ආයතනත් විකිණීමට පටන් ගෙන තිබෙනවා. කොළඹ තිබෙන ඉඩම්වලට මේ ආණ්ඩුව ලොල්කමක් දක්වනවා. ඒ අනුව තමයි රාජගිරියේ ආයුර්වේද වෛද්‍ය විද්‍යාලයේ ඉඩම් කොටසක් පහුගිය අවුරුද්දේ ජූලි මස 07 වෙනිදා එස්.බී ඇමතිවරයා කැබිනට් පති‍්‍රකාවකින් පර්චස් 10ක් ඉන්දියාවේ ඇට්ලාන්ටික් සමාගමට මහල් නිවාස සංකීර්ණයක් හදන්න ලබාදෙන බවට මාධ්‍ය වාර්තා කළේ. ඒ වගේම ආණ්ඩුව සැලසුම් කරලා තිබෙනවා රාජගිරියේ දේශීය වෛද්‍ය ආයතනය සහ රාජගිරිය ශික්ෂණ රෝහල එම ඉඩමෙන් ඉවත් කර ඹරුගොඩවත්තට ගෙනියන්න. ඒ වගේම යාබදව තිබෙන සෞන්දර්ය විශ්වවිද්‍යාලයත් එතැනින් ඉවත් කර ඉඩම පෞද්ගලික සමාගමකට ලබාදෙන්න යනවා. ආණ්ඩුව ඒ නිසා තමන්ට තිබෙන නීතිමය බාධාවන් ඉවත් කරමින් යනවා. ඒ වගේම ආණ්ඩුව දැන් කටයුතු කරමින් ඉන්නවා මෙම කි‍්‍රයාමාර්ගවලට එරෙහිව අරගල කරන බලවේග මර්දනය කිරීමට. එනිසා ආණ්ඩුව විවිධ ආයතන තෝරාගනිමින් ඒ සඳහා මිලිටරිකරණය කිරීම ආරම්භ කර තිබෙනවා. එනිසා තමයි ආරක්ෂක අංශ සඳහා වෙන්කරන මුදල් ප‍්‍රතිශතය වැඩි කරන්නේ. අනෙක් කාරණය තමයි කිසිදු පදනමක් නැතිව පාසල් 40ක් තෝරාගෙන විදුහල්පතින්ට සති දෙකක පුහුණුවකින් පසුව කර්නල් පදවි ලබාදෙන්නේ. පළමු වසරේ සිට ශිෂ්‍යාට හමුදා පාලනයක් සාධාරණීකරනය කරන්න, සාමාන්‍යකරණය කරන්න පාසල් පද්ධතියෙන් ආරම්භ කරලා තිබෙනවා. අනතුරුව විශ්වවිද්‍යාලවලට සුදුසුකම් ලබන ශිෂ්‍යන්ට හමුදා පුහුණුවක් ලබාදෙනවා කඳවුරු ඇතුලේ. එමෙන්ම කොතලාවල විද්‍යාපීඨයෙන් වෛද්‍යවරු, ඉංජිනේරුවරු සහ ගණකාධිකාරීවරු පුහුණු කරමින් සිටිනවා. ඉදිරියේදී රෝහල්වලට ප‍්‍රතිකාර සඳහා යන රෝගියාට සිදුවන්නේ සැලියුට් ගහලා, අඩිය හප්පලා, යර්ස් සර් කියලා වෛද්‍යවරයා ළඟට යන්න. ඒ නිසා හරි පැහැදිලියි අධ්‍යාපනයත් ආණ්ඩුව හමුදාකරණය කරමින් සිටිනවා. ඒ නිසා අධ්‍යාපනයට මේ අනතුර තිබෙනවා. ඒ වගේම දළදේශිය නිෂ්පාදිතයෙන් 6%ක් අධ්‍යාපනයට වෙන්කරන්න කියලා සියලූ බලවේග ආණ්ඩුවෙන් ඉල්ලා සිටියා. බලකළා. ඒ නිසා අපි බලකිරීමක් කරනවා අයවැයෙන් අධ්‍යාපනයට සැලකිය යුතු ප‍්‍රතිපාදන වෙන්කරන්න කියලා. ඒ වගේම ජීවන වියදම නිසා අපහසුතාවයට පත්ව සිටින විශ්වවිද්‍යාල ශිෂ්‍යන් වෙනුවෙන් මහපොළ, ශිෂ්‍යාධාර වාරිකය රුපියල් 5000 දක්වා වැඩිකරන්න කියලා අපි ආණ්ඩුවට බලකර සිටිනවා''.

No comments:

Post a Comment