Wednesday 7 November 2012

බැරක් ඔබාමා යළිත් අමෙරිකාවේ ජනපති වෙයි

අමෙරිකාවේ ජනාධිපතිවරණයෙන් ජය ගැනීමට වත්මන් ජනපති බැරක් ඔබාමා සමත්ව තිබේ. ඔහුගේ ප්‍රතිවාදි අපේක්ෂකයා වු රිපබ්ලිකන් පක්ෂයේ මිට් රොම්නි පරාජයට පත් කරමින් ඔබාමා මෙම ජයග්‍රහණය ලබාගෙන ඇතැයි විදෙස් වාර්තා පවසයි. අමෙරිකානු ව්‍යවස්ථාවට අනුව ජනාධිපතිවරයෙකුගේ නිල කාලය වසර 4ක් වන අතර ඒ අනුව ඉදිරි වසර 4 ක කාලයකට ස්වකීය පාලකයා ලෙස බැරක් ඔබාමා යළිත් වරක් පත්කර ගැනීමට අමෙරිකානු ඡන්ද දායකයින් කටයුතු කර තිබේ. අමෙරිකානු ජනාධිපතිවරණය පැවැත්වෙන ඡන්ද විද්‍යාල ක්‍රමයට අනුව ඡන්ද විද්‍යාල 275ක බලය බැරක් ඔබාමා විසින් හිමිකර ගෙන ඇති අතර ප්‍රතිවාදි අපේක්ෂක මිට් රොම්නි විසින් හිමිකර ගෙන ඇත්තේ ඡන්ද විද්‍යාල 203ක බලය පමණි. ජනාධිපති ලෙස පත්වීමට නම් අපේක්ෂකයෙකු විසින් අවම වශයෙන් ඡන්ද විද්‍යාල 270 ක බලය දිනාගත යුතුය. ඒ අනුව අවම සංඛ්‍යාවටත් වඩා ඡන්ද විද්‍යාල 5ක් වැඩිපුර දිනාගනිමින් බැරක් ඔබාමා යළිත්වරක් අමෙරිකාවේ 45 වැනි ජනාධිපතිවරයා ලෙස තේරී පත්ව තිබේ.

No comments:

Post a Comment