Sunday 2 December 2012

4 වර්ජනයේ වෙනසක් නෑ

සිය ගැටලු විසඳීමට බලධාරීන් මෙතෙක් කටයුතු කර නොමැති බැවින් ලබන 04 වන දින වැඩ වර්ජනය අනිවාර්යයෙන්ම සිදුකරන බව ලංකා ගුරු සේවා සංගමය අවධාරණය කරයි. අධ්‍යාපන බලධාරීන් සිය ගැටලු විසඳීමට පියවර ගෙන නොමැති බව එම සංගමයේ ප‍්‍රධාන ලේකම් මහින්ද ජයසිංහ මහතා සඳහන් කළේය. කොළඹ අද (02) පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් මහින්ද ජයසිංහ මහතා මේ බව පැවසුවේය. කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් අද දෙරණ කළ විමසීමක දී අධ්‍යාපන අමාත්‍යංශ ලේකම් ගෝඨාභය ජයරත්න මහතා සඳහන් කළේ අධ්‍යාපන ක්ෂේත‍්‍රයේ ගැටළු රැසක් විසදීමට මේවන විටත් කටයුතු කර ඇති බවයි. එවන් අවස්ථාවක මෙවැනි වැඩ වර්ජන ක‍්‍රියාමාර්ගවලට අවතීර්ණ වීම අසාධාරණ බව ගෝඨාභය ජයරත්න මහතා පැවසුවේය.

No comments:

Post a Comment