Sunday 2 December 2012

සයුරේ දඟ වැඩ ගොඩබිම නෑ.....!

අඩි 10 හමාරක් පමණ දිග, කිලෝ ග්‍රෑම් 200ට වඩා බරින් යුත් මියගිය ඩොල්ෆින් වර්ගයේ මත්ස්‍යයෙකු කහව, අකුරළ මුහුදු වෙරළට අද (02) උදෑසන ගොඩ ගසා තිබේ. ගල්පරවල හැපී තුවාල සිදුවී ඇති ආකාරයක් එම මත්ස්‍යාගේ සිරුරේ දක්නට ලැබේ. මේ පිළිබඳව හික්කඩුව වනජීවි ඒකකයට දැනුම්දී ඇතැත් මේවන තෙක් එහි නිලධාරීන් පැමිණ නැතැයි ද අප වාර්තාකරු කියයි. එම මත්ස්‍යයා දැක ගැනීමට ප්‍රදේශවාසී ජනතාව ඇදී එන බවද අප වාර්තාකරු කියයි. මේ එකී දසුනකි.

No comments:

Post a Comment