Monday, 10 December 2012

ජවිපෙ ඉල්මහ විරු සැමරුම් කොරියාවෙදීත්

ජනතා විමුක්ති පෙරමුණ විසින් පසුගිය නොවැම්බර් 13වනදා විහාරමහාදේවී එළිමහන් රංගපිඨයේදී පැවති 23වන ඉල්මහ විරුසමරුවට සමගාමීව දකුණු කොරියාවේ දීත් එම විරුසමරු උත්සවයක් පවත්වා තිබේ. ජනතා විමුක්ති පෙරමුණේ දකුණු ‍කොරියානු කමිටුවේ මෙහෙයවීමෙන් ඊයේ (09) පස්වරු 2.30ට කොරියාවේ සොනුරි නගරයේදී මෙම විරුසමරුව ආරම්භවී ඇත. ජනතා විමුක්ති පෙරමුණේ මධ්‍යම කමිටු සභික සමාජවාදී ශිෂ්‍ය සංගමයේ ජාතික සංවිධායක නලින්ද ජයතිස්ස මහතා විසින් එහි ප්‍රධාන දේශනය පවත්වා තිබේ. වසර 54ක තට්ටුමාරු දේශපාලන ක්‍රමය වෙනස් කර රට හදන්න පුළුවන්, ප්‍රතිපත්ති ගරුක, සමාජවාදී පාලනයක් උදෙසා ඉල් විරුවෝ සටන් වැදුනු බව එහිදී නලින්ද ජයතිස්ස මහතා පවසා ඇත. දැන් ඇත්තේද වත්මන් ඒකාධිපති පාලන ක්‍රමය වෙනස් කර ඉල් විරුවන් අපේක්ෂා කළ පාලනයක් ගොඩනැගීම උදෙසා ඉල් විරුවන්ගේ මග ගැනීම බවත් එහිදී ඒ මහතා වැඩිදුරටත් පවසා තිබේ

No comments:

Post a Comment