Saturday 9 March 2013

චාවෙස් දිවියෙන් සමු ගනී

කලක සිට පිළිකා රෝගයෙන් පීඩා විඳිමින් සිටි වෙනිසියුලානු ජනාධිපති උගෝ චාවෙස් ඉකුත් අඟහරුවාදා දින එරට වේලාවෙන් ප.ව.4.25 ට පමණ ජීවිතක්ෂයට පත්ව තිබේ. ඒ වන විට ඔහු 58 වන වියේ පසුවිය. වෙනිසියුලාව තුළ සමාජවාදී අරගලය වෙනුවෙන් ඉමහත් අරගලයක් කළ ඔහු කියුබානු ජනාධිපති ෆිදෙල් කස්ත්‍රෝගේ සමීපතමයෙකු විය. වෙනිසියුලාවේ ජනතාවගේ මෙන්ම ඔහු ලොව පුරා සමාජවාදීන්ගේ වීරයෙකුද විය. 2011 වසරේ ජූනි මාසයේදී චාවෙස්ට පිළිකාවක් වැළඳී ඇති බව ප්‍රථම වරට අනාවරණය වූ අතර එතැන් සිට වසර දෙකක් පමණ කාලයක් තිස්සේ දේශීය මෙන්ම විදේශීය රෝහල්වලද අවස්ථා කිහිපයකදීම නේවාසිකව ප්‍රතිකාර ලබන්නට ඔහුට සිදුවිය. සති 10කට ඉහතදී චාවෙස් යළි මව්බිමට පැමිණ කරකස්හි පිහිටි යුද හමුදා රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටි බව එරට රජය විසින් නිකුත් කළ නිවේදනයක දැක්වෙයි. කෙසේ වෙතත් ඉන්පසු කිසිම අවස්ථාවක හෙතෙම මහජන හමු සඳහා සහභාගී වී නැත. "මං එක්සත් ජනපද බල අධිකාරියට එරෙහිව සමාජවාදී පෙරමුණේ සටන් කරන නිහතමානී සොල්දාදුවෙක්" ඔහු නිතර දෙවේලේ කී උදාන වාක්‍යයි.

No comments:

Post a Comment