Saturday, 9 March 2013

වෙනිසියුවෙලාවට දින 07ක ශෝක කාලයක්

ජනාධිපති උගෝ චාවෙස්ගේ අභාවය හේතුවෙන් වෙනිසියුවෙලාව දින 07ක ශෝක කාලයක් ප්‍රකශයට පත් කර තිබෙන අතර එරට විදේශ අමාත්‍යාංශය පවසන පරිදි ලබන සිකුරාදා අවසන් කටයුතු කරන තුරු චාවෙස්ගේ දේහය මහජන ගෞරවය සඳහා තැන්පත් කර තැබේ. එසේම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව ජනාධිපතිවරණයක් කැඳවන තුරු උප ජනාධිපති නිකලස් මැන්ඩුරෝ ජනාධිපතිධුරයේ කටයුතු කරන බවද එම අමාත්‍යංශය ප්‍රකාශකර සිටී. මේ අතර ලබන සිකුරාදා රාජ්‍ය නායකයින්ගේ ප්‍රධානත්වයෙන් චාවෙස්ගේ අවසන් කටයුතු සිදුකිරීමට සැලසුම් කර තිබේ. වෙනිසියුවෙලානු බලධාරීන් ජනතාවගෙන් ඉල්ලා සිටිනුයේ ජාතික ධජයේ පාට තුනෙන් සැරසී මියගිය නායකයාට බුහුමන් දැක්වීම සඳහා පැමිණෙන ලෙසය. චාවෙස්ගේ අභාවය නිසා එරට වැසියන් ශෝකවන අයුරු පහත ඡායාරූපවලින් දිස්වේ.

No comments:

Post a Comment