Wednesday, 27 March 2013

ඇමරිකාවට පහර දෙනවා - උතුරු කොරියාව අනතුරු අගවයි

තම දිගුදුර මිසයිල හමුදා කන්ඩ හදිසි යුධ සුදානම් තත්වයට ගෙනැවිත් හවායි, ගුවාම් සහ ඇමරිකානු භූමිය මත පිහිටි හමුදා කදවුරු ඉලක්ක කොට ස්ථානගත කල බව උතුරු කොරියානු පුවත් ඒජන්සිය වාර්තා කරයි. කොරියානු මහජන හමුදාවේ ඉහල අණදෙන මණ්ඩලය විසින් ගන්නා ලද තීරණයක් අනුව සියළු දිගුදුර අවි හමුදා කන්ඩ හදිසි යුධ සූදානම් තත්වයකට පත්කල බවත් ඒවා සතුරු භූමියේ පිහිටි ඉලක්ක වෙත ස්ථානගත කර ඇති බවත් උතුරු කොරියානු පුවත් ඒජන්සිය වැඩි දුරටත් වාර්තා කරයි. උතුරු කොරියාව විසින් සිදුකරන න්‍යෂ්ටික අත්හදාබැලීම් වලට එරෙහිව ඇමරිකාව විසින් අළුතින් සම්බාධක රැසක් පසුගියදා උතුරු කොරියාවට එරෙහිව පනවනු ලැබූ අතර අධිරාජ්‍යවාදීන්ගෙන් තම පීතෘභූමියේ ස්වාධිනත්වය රැකගැනීම සදහා තමන්ට න්‍යෂ්ටික අවිබලය අවශ්‍ය බව උතුරු කොරියාව පවසයි.

No comments:

Post a Comment