
සිද්ධාර්ථ කුමරු ඉන්දියාවේ ඉපදුණු බවට නිශ්චිත වශයෙන් සාක්‍ෂියක් නොමැති බව හා ලංකාවේදී බුදු උපත සිදුවූ බවට යම් සාක්‍ෂි සහිත පූජනීය ස්ථාන ඇතැයි කර ඇති ප්‍රකාශය සම්බන්ධයෙන් ප්‍රසිද්ධ විවාදයකට එන්නැයි රත්මලාන ධර්ම පර්යේෂණාලයේ අධ්‍යක්‍ෂ හෑගොඩ විපස්සි හිමියෝ උඩුවේ ධම්මාලෝක හිමියනට අභියෝගයක් කරති.
අවුරුදු 2600කට වඩා පැරණි බවට තහවුරුව ප්‍රචලිත බුදුරජාණන් වහන්සේගේ ලොව පහළවීමේ ඉතිහාසය කිසිදු පදනමක් නොමැතිව මෙලෙස හාස්‍යයට ලක් කිරීම පිළිබඳ රටේ සම්භාවනාවට පාත්‍ර වූ ශාසනධාරී තෙරනමක් වශයෙන් ධම්මාලෝක හිමියන් ලැජ්ජා විය යුතු බව හෑගොඩ විපස්සි හිමියෝ සඳහන් කරති.
දෙමළ ඩයස්පෝරාව විසින් මෙහෙයවනු ලබන කුමන්ත්‍රණයට දැන හෝ නොදැන හසුවී ක්‍රියා කරන උඩුවේ ධම්මාලෝක හිමියන්ගේ ඉහත ප්‍රකාශය සම්බන්ධ ප්‍රසිද්ධ විවාදයකට අදම පැමිණෙන ලෙස අභියෝගාත්මක ලෙස ඇරැයුම් කරනු ලැබේ.
No comments:
Post a Comment