Thursday, 25 April 2013

ආණ්ඩුව ජනතාවට වංචා කරලා

මෙරට ඉතිහාසයේ වැඩිම විශාලතම විදුලි බිල ආණ්ඩුව විසින් වැඩිකර ඇති බව ජනතා විමුක්ති පෙරමුණේ නායක සෝමවංශ අමරසිංහ මහතා පවසයි.
ඒ මහතා මේ අදහස් පල කර සිටියේ ඊයේ කොළඹ දී විදුලි බිල වැඩි කිරීමට විරුද්ධව ජනතා අත්සන් ලබා ගැනීමේ හා අත්පත්‍රිකා බෙදා දීමේ උත්සවයට එක් වෙමිනි.සෝමවංශ මහතා වැඩිදුරටත් කියා සිටියේ වත්මන් ආණ්ඩුව ජනතාවට කිසිදු ආකාරයේ සහනයක් ලබා නොදෙන බවයි.
ත්‍රස්තවාදය පරාජය කර එළැබෙන මැයි මාසයට අවුරුදු 04ක් සම්පුර්ණ වුවද මේ වන විටත් රටේ සංවර්ධනයත්,ජනතාවට සහනයත් නොලැබීම සෝමවංශ මහතා දැඩි සේ හෙලා දකින බවද මෙහිදී අවධාරණය කර සිටියා.පක්ෂ භේද,ජාති භේද,ආගම් භේද නොසලකා විදුලි බිල වැඩි කිරීම සියලු දෙනාටම බලපාන බවත් මෙයට විරුද්ධව සියලු දෙනා නැගී සිටිය යුතු බවද සෝමවංශ මහතා වැඩි දුරටත් කියා සිටියා.වත්මන් ආණ්ඩුවට ජනතාවට සහන ලබා දීමට නොහැකි බවත් ආණ්ඩුව මෙතෙක් කල් කලේ බොරු වංචාවක් බවයි ජනතා විමුක්ති පෙරමුණේ නායක සෝමවංශ අමරසිංහ මහතා පෙන්වා දුන්නේ.මේ ආණ්ඩුව සංවර්ධනයක් නොකර නිසා සහන ලබා නොදෙන නිසා ,හොරකම් කරන නිසා,කලමණාකාරිත්වයක් නොමැති නිසා මේ ආණ්ඩුව කොයි පැත්තටද හැරවිය යුත්තේ කියන තීරණය ජනතාවට භාර කරන බවද සෝමවංශ මහතා මෙහිදී කියා සිටියා.

No comments:

Post a Comment