Saturday, 18 May 2013

ජනතාවට බර නොපටවා විදුලි බිල අඩුකරන ආකාරය පිළිබඳ ලාල් කාන්තගෙන් ජනපතිට යෝජනා 10 ක්


අසාධාරණ ලෙස විදුලි ගාස්තු වැඩිකිරීම නවතා ජනතාවට බර පැටවීම වෙනුවට ගත හැකි ක‍්‍රියාමාර්ග සම්බන්ධයෙන් ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානයේ සභාපති ලාල් කාන්ත සහෝදරයා විසින් ජනාධිපතිවරයා වෙත යෝජනා 10 ක් ඇතුලත් ලිපියක් ඊයේ (17) දින යවන ලදී. එම යෝජනා 10 මෙසේ පල කර සිටිමු.


01. වැඩිකළ විදුලි ගාස්තු අහෝසි කරන්න.


02. මහජන මුදලින් ඇමතිවරුන්ගේ විදුලි ගාස්තු ගෙවීම නතර කිරීම සඳහා චක‍්‍රලේඛයක් නිකුත් කර ජනතාවට ප‍්‍රසිද්ධ කරන්න.


03. තේරුමක් නැති සැණකෙළිවලට විශාල ලෙස විදුලිය වැයවෙන බැවින් එම සැණකෙලි සියල්ල නතර කර මින් ඉදිරියට එවැනි සැණකෙලි නොපවත්වන බව ජනතාව ඉදිරියේ සහතික වන්න.


04. 2007 මහ බැංකු වාර්තාව මගින්ද ප‍්‍රකාශයට පත් කර ඇති පරිදි පෞද්ගලික තාප විදුලි බලාගාර සමග ඇතිකරගෙන ඇති දූෂිත ගිවිසුම් අහෝසි කරන්න. ජනතාවටත් විදුලි බල මණ්ඩලයටත් පෞද්ගලික ආයෝජකයින්ටත් සාධාරණය ඉටුවන ලෙස නව ගිවිසුම්වලට එළඹෙන්න.


05. විදුලිය ජනනය, සම්පේ‍්‍රෂණය හා බෙදාහැරීම පුද්ගලීකරණය සඳහා ඇති සැලසුම් ඉවත දමන්න.


06. මහජනතාවට වාසිදායක වන ලෙස ගල් අඟුරු බලාගාර ඉදි කිරීමට පියවර ගන්න. (කසිකබල් ගල් අඟුරු බලාගාර නොවේ.)


07. සපුගස්කන්ද තෙල් පිරිපහදුවට අවශ්‍යකරන බොරතෙල් හිඟයක් ඇති නොවන ලෙස ගෙන්වා ගබඩා කරගන්න.


08. සපුගස්කන්ද තෙල් පිරිපහදුවෙන් රටට අවශ්‍ය තෙල් ප‍්‍රමාණයෙන් පිරිපහදු කිරීමට හැකියාව ඇත්තේ 30% - 40% ත් අතර ප‍්‍රමාණයක් බැවින් එහි ධාරිතාව ඉහළ දැමීමට අවශ්‍යකරන නවීකරණ කටයුතු පටන්ගෙන එය අවසන් කරන්න.


09. තෙල් පිරිපහදු කිරීම සඳහා නවීන පිරිපහදුවක් ස්ථාපිත කිරීමට පියවර ගන්න.


10. ඛණිජ තෙල් නීතිගත සංස්ථාව මගින් කෘෂිකර්මාන්තයට අවශ්‍ය වන ප‍්‍රමිතියෙන් යුත් පොහොර සහ කෘෂිරසායන නිපදවා ගොවීන්ට ලබාදෙන්න.


No comments:

Post a Comment