විදුලිය ගාස්තු ඉහළ දැමීමට විරෝධය පලකරමින් මේ මස 21 වන දින වැඩවර්ජනයට එකතුවන සියළු සේවකයින් වෙනුවෙන් පෙනී සිටින බවත් ඔවුනට ආයතන තුල බලපෑමක් එල්ල වේ නම් නීතීඥ සහාය ලබාදීමට කටයුතු කරන බවත් ශ‍්‍රී ලංකා නීතීඥ සංගමය තීරණය කොට තිබේ.
වැඩවර්ජනයේ නිරත වූ බවට චෝදනා කරමින් කිසියම් සේවකයකු මර්දනය කිරීම හෝ සේවයෙන් පහකිරීම වැනි බලපෑමක් සිදුවුවහොත් එම සේවකයාගේ අයිතිවාසිකම් වෙනුවෙන් නීති සහාය ලබාදීමට ශ‍්‍රී ලංකා නීතීඥ සංගමය පොරොන්දු වූ බව වෘත්තීය සමිති ඒකාබද්ධ කිරීමේ සම්බන්ධීකරණ කමිටුව පවසයි. ශ‍්‍රී ලංකා නීතීඥ සංගමයේ නිලධාරීන් පිරිසක් සමග ඊයේ (17) පස්වරුවේ පැවති සාකච්ඡුාවකදී එම පොරොන්දුව ලබාදුන් බවද සම්බන්ධීකරණ කමිටුව පවසයි.
No comments:
Post a Comment