Saturday, 18 May 2013

ආණ්ඩුවේ බියගුලූ ක‍්‍රියාමාර්ග පරදවා 21 වැඩවර්ජනයට එක්වෙමු - TUCC

ආණ්ඩුවේ බියගුළු මර්ධනකාරී ක‍්‍රියාමාර්ග අරඹමින් ඇති බවත් ඒවා පරාජය කොට 21 වැඩවර්ජනයට එකතුවන ලෙස සියළු ජනතාවගෙන් ඉල්ලා සිටින බවත් වෘත්තීය සමිති ඒකාබද්ධ කිරීමේ සම්බන්ධීකරණ කමිටුව නිවේදනයක් මගින් ඉල්ලා සිටී.

අද දින වෘත්තීය සමිති නියෝජිතයින්ගේ අත්සන් සහිතව යවා ඇති නිවේදනයේ වැඩිදුරටත් මෙසේ පවසා සිටී.
අසාධාරණ හා අයුක්ති සහගත ලෙස ඉහල දැමූ විදුලි ගාස්තු මැයි 21 ට පෙර ඉවත් නොකළොත් මැයි 21 වන දින එක් දින වැඩ වර්ජනයක් දියත් කරන බවට වෘත්තීය සමිති ඒකාබද්ධ කිරීමේ සම්බන්ධීකරණ කමිටුව විසින් ජනාධිපතිවරයාට දිනුම්දීමෙන් අනතුරුව තවත් වෘත්තීය සමිති බහුජන සංවිධාන හා දේශපාලන පක්‍ෂ එම වැඩවර්ජනයට සහාය පළකරමින් විවිධ ක‍්‍රියාමාර්ග හරහා ඊට දායක වීමට මේ වන විට තීරණය කර ඇත.
එමෙන්ම රට පුරාම රාජ්‍ය, පෞද්ගලික හා වතු ක්‍ෂේත‍්‍රවල වැඩ කරන ජනතාව එම වැඩවර්ජනයට එක්වීමට ඉමහත් උනන්දුවකින් මේ වන විට සූදනම් ව සිටී. වෘත්තීය සමිති විසින් පසුගිය සති කිහිපය පුරාම වැඩ කරන ජනතාව දැනුම්වත් කරමින් සිය ක‍්‍රියාමාර්ග වේගවත් කර ඇත. එම නිසා 21 වැඩවර්ජනය ස`දහා රට පුරාම ප‍්‍රබල ප‍්‍රතිචාරයක් ලැබී ඇත.

මේ තත්වය හමුවේ සුපුරුදු ලෙසම 21 වැඩ වර්ජනයට එරෙහිව ආණ්ඩුව සිය බියගුලූ ක‍්‍රියාමාර්ග උත්සන්න කර ඇත. මේ වන විට මැයි 21 වන දින සියලූ රාජ්‍ය සංස්ථා මණ්ඩලවලට වේලාවන් 3 කදී පැමිණීම ලකුණු කරන ලෙසත්, නොපැමිණි අයගේ නාමලේඛන ලබාගන්නා ලෙසත්, වෙසක් සතිය නිමිත්තෙන් නිවාඩු අවලංගු කරන බවත්, පාසල්වල හා රාජ්‍ය ආයතනවල 23 වන දිනට යොදා තිබූ සීල ව්‍යාපාර හා අනෙකුත් ආගමික කටයුතු 21 වන දිනට යොදා ගන්නා ලෙසත් දැනුම් දී ඇත.

ආණ්ඩුවේ මෙම තුච්ඡු බියගුලූ ක‍්‍රියාමාර්ග වෘත්තීය සමිති ඒකාබද්ධ කිරීමේ කමිටුව ලෙස දැඩි පිළිකුලෙන් යුතුව හෙලා දකින අතර එම කිසිදු ක‍්‍රියාමාර්ගයකින් 21 වන දින වැඩ වර්ජනය ආපසු හැරවිය නොහැකි බවද අවධාරණ කරමු. වැඩ වර්ජනය නැවැත්වීම ස`දහා ඇත්තේ එකම එක ක‍්‍රියාමාර්ගයකි. එනම් මැයි 20 වන දිනට පෙර වැඩි කළ විදුලිය ගාස්තු සහමුලින් අහෝසි කිරීම ය.

එමෙන්ම රාජ්‍ය, පෞද්ගලික හා වතු ක්‍ෂේත‍්‍රවල සියලූ වැඩ කරන ජනතාවගෙන් ආණ්ඩුවේ මෙම බියගුලූ ක‍්‍රියාමාර්ගවලට හා තර්ජනවලට බියනොවී නොපැකිළව, එඩිතරව වැඩ වර්ජනයට දායක වන ලෙසත්, ඉහළ දැමූ විදුලිය ගාස්තු සහමුලින් අහෝසි කරන තුරු සටන් කිරීමට පෙරට එන ලෙසත් අප ඉතා  ඕනෑකමින් යුතුව ඉල්ලා සිටිමු.

No comments:

Post a Comment