.
Tuesday, 14 May 2013
21 වර්ජනයේ සහායට පෞද්ගලික අංශයේ වෘත්තීය සමිති සහාය - සමුළුවකින් සපත කරයි
21 වැඩවර්ජනය සඳහා පෞද්ගලික අංශයේ සේවකයින්ගේ සහාය ලබා ගැනීමේ අරමුණින් අන්තර් සමාගම් සේවක සංගමයේ විශේෂ මධ්‍යම කාරක සභා නියෝජිත හමුවක් ඊයේ (13) කොළඹ මහජන පුස්තකාල ශ‍්‍රවණාගාරයේදී පැවැත්විණි. මෙම නියෝජිත හමුවේ ප‍්‍රධාන දේශනය ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානයේ සභාපති ලාල් කාන්ත සහෝදරයා විසින් පැවැත් වූ අතර මෙම අවස්ථාවට අන්තර් සමාගම් සේවක සංගමයේ සභාපති වසන්ත සමරසිංහ සහෝදරයා, ලේකම් නීතීඥ ජානක අධිකාරී සහෝදරයා, සංවිධායක ලේකම් බී. අයි. ආබ්ඞීන් සහ සෝමදාස වීරතුංග, සුජීව සුබසිංහ, පී. හෙට්ටි ආරච්චි යන සංවිධායක සහෝදරවරු සහභාගී වීය. අන්තර් සමාගම් සේවක සංගමයේ ශාඛා නියෝජනය කරමින් විධායක සභිකයින් විශාල පිරිසක්ද මෙම අවස්ථාවට සහභාගී විය.
No comments:
Post a Comment
Newer Post
Older Post
Home
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment