Sunday 19 May 2013

මැයි 21 වැඩවර්ජනයට කලාකරුවන්ගේ සහාය



සාමාන්‍ය ජනතාවට දරාගත නොහැකි ජීවන මට්ටමකට මුහුණ දෙමින් සිටියදී විදුලිය ගාස්තුද ඉහළ දැමීමෙන් ජනතාව තවදුරටත් පීඩාවට පත් වී ඇති බවත් මේ පිළිබඳව වෘත්තීය සමිති මෙන්ම විවිධ පාර්ශව විසින් ඉල්ලීම් කරනු ලැබුවද වැඩිකල විදුලිය ගාස්තු පහත හෙලීමට මේ වන තෙක් කටයුතු කර නැත. ජනතාවට ආදරය කරන ජනතාව වෙනුවෙන් සංවේදී වන කලාකරුවන් වන අපට මේ මොහොතේ නිහඬව සිටිය නොහැකි බවත් එබැවින් වහා මෙම විදුලිය ගාස්තු පහත හෙලන ලෙස ආණ්ඩුවට බල කර සිටින බව එම කලාකරුවන් එකතුව තම අත්සන් යොදා නිකුත් කල නිවේදනයක් මගින් පවසා සිටී. එබැවින් විදුලිය ගාස්තු වැඩිකිරීමට එරෙහිව වෘත්තීය සමිති, බහුජන සංවිධාන හා විවිධ පාර්ශව එක්ව මැයි 21 දින කැඳවා ඇති එක්දින සංකේත වැඩවර්ජනය සඳහා විවිධ කලා ක්‍ෂේත‍්‍ර නියෝජනය කරන මෙම කලාකරුවන්ගේ සහාය ලබා දී තිබේ.
මේ සඳහා ධර්මසේන පතිරාජ, ආරියවංශ රණවීර, ජයතිලකකම්මැල්වීර, ප‍්‍රසන්න විතානගේ, පරාක‍්‍රම නිරිඇල්ල , උපුල් ශාන්ත සන්නස්ගල , ගාමිණී වියන්ගොඩ, නන්දන වීරසිංහ වැනි විවිධ ක්‍ෂේත‍්‍ර නියෝජනය කරන කලාකරුවෝ විශාල ප‍්‍රමාණයකගේ අත්සන් සහිතව මෙම නිවේදනය නිකුත් කොට ඇත.

No comments:

Post a Comment