Thursday 30 May 2013

මිනිසුන් 700 කට ආසන්න පිරිසක් දම් වැල් වලින් ගැට ගසා ඇති වධකාගාරයක්

1970 දී ඇමෙරිකානු රජය ගුවන්තනාමෝ දුපත හයිටි රාජ්‍යයේ අනාථ කඳවුරක් ලෙස පාලනය කළේය. ඉන් අනතුරුව බුෂ් පාලනය විසින් දියත් කල මැදපෙරදිග හා ඇෆ්ගනිස්තානය යටත් කර පාලනය කිරීමේ නව ධනේශ්වර ආක්රමනශීලිත්වය හේතුවෙන් " ත්‍රස්තවාදියා " යන ලේබලය අලවමින් අත්අඩංගුවට හා පැහැරගැනීම් වලට ලක් වුවන් මර්ධනය කිරීමේ වධකාගාරයක් ලෙසට පත් විය. මේ මොහොත වන විටද 700 කට ආසන්න පිරිසක් දම් වැල් වලින් ගැට ගසා ශාරීරික හා මනු ෂික වාදයන්ට ලක් කරමින් සුළු පිරිසක් පමණ ඉඳ හිට අධිකරණයට ඉදිරිපත් කරමින් රඳවා සිටී. ලෝකයට මානව හිමිකම් දෙසන ඇමෙරිකානුවන් ගුවන්තනාමෝ සිර කඳවුර පිලිබඳ සෙවීමට හෝ කතා කිරීමට කිසිවෙකුට ඉඩ නොදේ. ඒ ධනේශ්වර ආඥාදායකත්වයේ ස්වරුපයයි. රහසි ගතව මරා මුහුදු පතුලට විසි කල අරාබි හා ඇෆ්ගන් සටන් කාමීන් ගණනය කල නොහැක. මේ සෑම සටන් කාමියෙක්ම අතිශය අමානුෂික වධයන්ට ලක්වී මිය ගිය බව අමෙරිකානු භටයන්ගේ පාපොච්චාරණ වලින් හෙළි විය. කෑම්ප් ඩෙල්ටා, කෑම්ප් ලගුනා හා කෑම්ප් එක්ස් රේ වශයෙන් කොටස් තුනකට බෙදා රැඳවියන් වර්ග කර අවම මිනිස් අයිතිවාසිකම් හෝ නොදෙමින් රඳවා සිටී

No comments:

Post a Comment