Saturday 11 May 2013

ඒකාධිපතියාට වසර 80 ක සිර දඬවමක්

ගොතමාලාවේ සිවිල් යුද්ධය පැවති සමයේ සමුහ ඝාතන හා මානව හිමිකම් උල්ලංගනය කිරීම් පිළිබඳ එරට හිටපු ඒකාධිපති පාළකයෙකු වන ඉෆරේන් මොන්ට් හට වසර 80වක සිරදඬවමක් ලබා දී ඇති බව වාර්තා වේ. 86 වන වියේ පසුවන මොන්ට්ගේ පාලන සමය එරට අඳුරුම යුගය බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. මොන්ට් විසින් ඉක්ෂිල් නැමැති සුළු ජාතිය විනාශ කිරීමේ උත්සහයක සිටි බව තහවුරු වී ඇතැයි තීන්දුව ප්‍රකාශ කරමින් ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලේ ප්‍රධානියා ප්‍රකාශ කර තිබේ. තීන්දුව දීමෙන් අනතුරුව ඔහු ප්‍රකාශ කර ඇත්තේ සිරබත් කෑමට තමා සූදානමින් සිටි බවයි.

No comments:

Post a Comment