Monday, 27 May 2013
ඇඹිලිපිටිය ප‍්‍රාදේශිය සභා සභාපතිගෙනුත් පොලිසියට පහරදිමක්
ඇඹිලිපිටිය
ප‍්‍රාදේශිය සභාවේ සභාපතිවරයා ඇතුළු පිරිසකගේ පහරකෑමට ලක්වු පනාමුර පොලිස්
ස්ථානයේ නිලධාරියෙකු ඇඹිලිපිටිය මූලික රෝහලේ ප‍්‍රතිකාර ලබමින් සිටිනවා.
ඊයේ රාත‍්‍රියේ මුර සංචාරයක් අතරතුර මෙම පහරදීම සිදුව ඇති බවයි පොලිස්
මාධ්‍ය ප‍්‍රකාශක පොලිස් අධිකාරි බුද්ධික සිරිවර්ධන මහතා
කියා සිටියේ. යතුරු පැදි 03ක ගමන්ගත් පිරිස අතුරින් මාර්ග නීති උල්ලංගණය කළ
එක් රියදුරෙකුගේ බලපත‍්‍රය අදාල පොලිස් නිලධාරියා ලබා ගැනීම හේතුවෙන්
පහරදීම සිදුවී තිබෙනවා. සැකකාර ප‍්‍රාදේශිය සභා සභාපතිවරයා ප‍්‍රදේශයෙන්
පලාගොස් ඇති බවයි පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේ. මේ
අතර බුලත්සිංහල පොලිස් ස්ථානයේ කොස්තාපල්වරයෙකු ඊයේ රාත‍්‍රියේ බුලත්සිංහල
ප‍්‍රාදේශිය සභා මන්ත‍්‍රීවරයෙකුගේ පහරදීමට ලක්වුණා. ඔහු මේ වන විට හොරණ
මූලික රෝහලේ ප‍්‍රතිකාර ලබමින් සිටින අතර සැකකාර මන්ත‍්‍රීවරයා
ප‍්‍රදේශයෙන් පලාගොස් තිබෙනවා
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment