Monday 27 May 2013

පොදුරද මඬුලු සමුළුවට ආණ්ඩුව BMW වෙනුවට නවතම මාදිලියේ මර්සිඩීස් බෙන්ස් 55 ක් ගෙන එයි

ලබන නොවැම්බර් මස පැවැත්වීමට නියමිත පොදු රාජ්‍ය මණ්ඩල රාජ්‍ය නායක සමුළුව සඳහා නවතම මර්සිඩීස් බෙන්ස් (ඉ – 400) මෝටර් රථ 55ක් ගෙන්වීමට මුදල් අමාත්‍යංශය හා ලංකා බැංකුව කටයුතු කර ඇත. මේ මෝටර් රථ ආදර්ශය, මර්සිඩීස් බෙන්ස් සමාගමේ නවතම නිකුතුව වන අතර එය ලෝක වෙළෙඳපොළට ඉදිරිපත් කෙරෙනුයේද ලබන සැප්තැම්බර් මස වීමද විශේෂත්වයකි.
එහෙත් මුදල් අමාත්‍යංශය පසුගියදා නිවේදනයක් නිකුත්කරමින් පවසා සිටියේ, ඇතැම් මාධ්‍ය හා දේශපාලන පක්‍ෂ පවසන අන්දමට පොදු රාජ්‍ය මණ්ඩල රාජ්‍ය නායක සමුළුවට අධික වියදමක් දරා බී.එම්.ඩබ්ලිව් (BMW) වාහන ගෙන්වීමට ආණ්ඩුව ක්‍රියාකරන බවට පැවැසීම සම්පූර්ණ අසත්‍ය බවයි. ආණ්ඩුව මෙසේ පැවැසුවද අදාළ මර්සිඩීස් බෙන්ස් රථ ගෙන්වීම මඟින් ආණ්ඩුවේ මේ ප්‍රකාශය අසත්‍යයක් බව තහවුරු වෙතැයි ආණ්ඩුවේ අභ්‍යන්තර ආරංචිමාර්ග සඳහන් කරයි

No comments:

Post a Comment