Thursday 23 May 2013

ටිල්වින් ආණ්ඩුවට තේරෙන භාෂාව ගැන කියයි

අද දිනයේදී නැවතත් විරෝධතා පාගමනකින් කොටුව දුම්රියපල ඉදිරිපිටට පැමිණියේ වැඩිකල විදුලි බිල අඩුකරන ලෙසට ආණ්ඩුවට තේරෙන භාෂාවෙන් කතාකිරීමට බව ජනතා විමුක්ති පෙරමුණු ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා පවසයි.

පුංචි බොරැල්ලේ සිට කොටුව දුම්රියපල දක්වා පැමිණි එම විරෝධතා පාගමන අවසානයේදී රැස්ව සිටි පිරිස ඇමතූ ඒ මහතා පෙන්වාදුන්නේ වත්මන් ආණ්ඩුව අඳ ගොළු බිහිරි ආණ්ඩුවක් බවයි.

එමෙන්ම ආණ්ඩුවේ සිටිනා සිය ගණනක් වන මහජන මුදලින් විදුලි බිල් ගෙවන ඇමතිවරුන් හැරෙන්නට කිසිවකු මෙම විදුලි ගාස්තු වැඩිවීමට මනාව නොවන බවයි ඔහු පවසා සිටියේ.

ඔහු වැඩිදුරටත් පෙන්වාදුන්නේ විදුලි ගාස්තු ඉහළ දැමීමට එරෙහි අරගලය රටේ බහුතර ජනතාවක් එක්ව සිටින අරගලය බවයි. එමෙන්ම එම අරගලය ආණ්ඩුව විසින් විදුලි ගාස්තු පහත දමන තෙක් අඛණ්ඩව ගෙනයන බවත් ටිල්වින් සිල්වා මහතා පෙන්වාදුන්නේය.

No comments:

Post a Comment