Thursday 23 May 2013

විදුලි බිලට එරෙහිව ජවිපෙ අදත් පාරට

විදුලි ගාස්තු අඩුකරගැනීම වෙනුවෙන් ජනතා විමුක්ති පෙරමුණ විසින් ගන්නා වූ පියවරයන් වෙනස් කර නොමැති බව එම පෙරමුණ පවසයි.

එහි ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා පෙන්වාදෙන්නේ එහි එක් පියවරක් ලෙස වැඩිකල විදුලි බිලට එරෙහිව තවත් එක් පාගමනක් අද පස්වරුවේ පුංචි බොරැල්ල මංසන්ධියේ සිට කොටුව දක්වා පැවැත්වීමට නිවමිත බවයි.

ආණ්ඩුවේ අත්තනෝමතික තීරණයන් ආපසු හැරවිය හැක්කේ මෙවැනි ආකාරයෙන් බලපෑම් කිරීමෙන් බවත් එහෙයින් විදුලි ගාස්තු ඉහළ දැමීමෙන් හා ආණ්ඩුවේ වෙනත් අත්තනෝමතික ක්‍රියාවන්ගෙන් පීඩාවට පත්ව සිටින ජනතාවට ඒ වෙනුවෙන් එක්වන ලෙසටත් ආරාධනා කර සිටින බවයි ටිල්වින් සිල්වා මහතා පවසා සිටියේ.

එමෙන්ම ආණ්ඩුව විදුලි ගාස්තු වැඩිකිරීමෙන් පසු සහන ලබාදෙනවා යැයි පවසා බොරු කිරීමට සිදුවූයේද ජනතාවගේ බලපෑම් කිරීම බවයි ඒ මහතා පෙන්වාදුන්නේ.

No comments:

Post a Comment