Thursday 2 May 2013

සෞදි සුත්තරේට අහුවුණොත් ඉවරයි.

සෞදි අරාබියේ ගෘහ සේවිකා රැුකියාවට යන ශ්‍රී ලාංකික කාන්තාවන්ට රැකියාවට පිටත්වීමට පෙර රුපියල් ලක්‍ෂයේ සිට එක් ලක්‍ෂ පනස් දහසක් දක්වා වූ මුදලක් සන්තෝසම් ලෙස ලබා දෙති. ඔවුන්  බොහෝ දෙනෙකුට මුල්  තුන්මාසයේදී වැටුප් නොලැබෙතියි එසේ මුදල් ලබාගෙන මැද පෙරෙදිග ගිය කාන්තාවෝ පවසති.
කලින් මුදලදීම ප‍්‍රයෝජනයක් බව බොහො දෙනෙක් කියති.
හාම්පුතුන්ගෙන් ඒජන්සිකරු ලබාගන්නා මුදලෙන් කොටසක් මෙසේ ලබාදෙන අතර එම මුදල් ලංකාවේදීම ලබාගෙන පසුව අරාබියට යන ගෘහ සේවිකාවන්ට පෙරවරු පහේ  සිට පසුදා අලූයම දෙක පමණ දක්වා වැඩ කිරීමට සිදුව ඇතැයි පැවැසේ.
එමෙන්ම එසේ  විශාල මුදලක් ගෙවා ගෙන්වා  ගන්නා  ගෘහ සේවිකාවන් වෙනත් නිවාසවලට විකිණීමටද හාම්පුතුන් කටයුතු  කරන බව වාර්තාවේ.
කලින් ලබාගත් මුදලට සේවය කිරීමට මෙම පිරිසට සිදුව ඇති අතර කවර හෝ හේතුවක් මත මවුබිමට යාමට සිදුවුවහොත් යටද හාම්පුතුන් ඉඩ ලබා නොදෙන්නේ මෙසේ මුදල් කලින්ම ගෙවා එම ගෘහ සේවිකාවන් මිලදි ගෙන නැතැයි  පවසමින් යැයි එම කාන්තාවෝ කියා සිටිති. 

No comments:

Post a Comment