Sunday 26 May 2013

වෙසක්දා බෝතලයක් දෙදාහයි:මස් හත්සිය පණහයි

වෙසක් උත්සවය වෙනුවෙන් සුරා සැල් වසා දමා තිබු 24 සහ 25 යන දෙදින තුළ අනුරාධපුර නගරයේ මත්පැන් ජාවාරමේ යෙදුණු පුද්ගලයන් විසින් රජයේ මත්පැන් (අතිවිශේෂ අරක්කු) බෝතලයක් රුපියල් 1500 - 2000 ත් අතර මුදලකට අලෙවි කෙරුනි මත්පැන් හල් විවෘත කර ඇති දිනකට රුපියල් 885 කට අලෙවි කරන මත්පැන් බෝතලයක් 24 වනදා දිනයේ අධික මිලට මිලදි ගැණීමටද විශාල වශයෙන් ගැණුම්කරුවන් පැමිණ ඇත.
අනුරාධපුර නව නගරය, ගොඩගේ මාවත, රාමකැලය, පණ්ඩුලගම, කඩ 50 වැනි ප‍්‍රදේශ වල මෙම ජාවාරාම ඉතා සාර්ථක අන්දමින් සිදු කෙරුනු බව වාර්ථා වු අතර මත්පැන් මිලදී ගැනීම සඳහා ගැණුම්කරුවන් විශාල වශයෙන් පැමිණීම නිසා මත්පැන් බෝතලයක මිල වෙනදාට වඩා රුපියල් දහසකින් (1000) පමණ නැංවීමට මත්පැන් ජාවාරම්කරුවන් පෙළඹී ඇත.
වෙනත් පෝය දිනවලටද රජයේ මත්පැන් හොර රහසේ ජාවාරම්කරුවන් අනුරාධපුර නගරයේ අලෙවි කරන අතර එම දිනවලට මත් පැන් බෝතලයක් අලෙවි කරන්නේ රුපියල් 1250-1300 ත් අතර මුදලකටය. එහෙත් වෙසක් පෝය දිනයේ පිටස්තරව අනුරාධපුර නගරයට පැමිණි පුද්ගලයන්ගේ මත්පැන් අවශ්‍යතාවය ඉතා දැඩි වු නිසා ජාවාරාම්කරුවන් මත්පැන් බෝතලයක් රුපියල් 1500-2000 ත් අතර මුදලකට අලෙවි කිරීමට පෙළඹී ඇත.
අනුරාධපුර නගරයේ ප‍්‍රසිද්ධ හෝටල් කිහිපයකද හොර රහසේ පොහොය දිනයේ (24) මත්පැන් අලෙවි කළ බව එම ප‍්‍රදේශ වල පදිංචිකරුවන් පැවසුහ. ඊට අමතරව පොහොය දිනයේ හා ඊට පසු දිනයේ මස් මාංශ අලෙවි කිරීම සම්පුර්ණයෙන්ම තහනම් කර තිබුණත් අනුරාධපුර, දේවානියම් පියතිස්සපුර (නීරාවිය) ප‍්‍රදේශයේ මස් අලෙවි කෙරුනු අතර කුකුල් මස්, ගව මස්, ගම්ඌරු මස් සහ මුව මස් කිලෝවක් රුපියල් 500-750 ත් අතර මුදලකට අලෙවි කිරීමට ජාවාරම්කරුවෙකු කටයුතු කර ඇති අතර ගැනුම්කරුවන්ද විශාල වශයෙන් පැමිණි බව ප‍්‍රදේශවාසියෙකු අප සමග පැවසුහ.

No comments:

Post a Comment