Sunday 26 May 2013

ඉඩම් බදුගත් අයගෙන් ඉඩම් කොමිසමට කෝටි 216ක පොල්ලක්

ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවේ ඉඩම් බදුගත් බදුකරුවන්ගෙන් රුපියල් දෙසිය පහළොස් කෝටි අනූනව ලක්‍ෂ තිස් දෙදහස් නවසිය හතළිස් හයක් (රු. 215,99,32,946) කොමිසමට අයකර ගත යුතුව තිබේ.
 
මේ බව පැවැසෙන්නේ රජයේ විගණකාධිපතිවරයා පාර්ලිමේන්තුවට ලබාදුන් වාර්තාවකිනි.ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභා ආරංචි මාර්ග පවසන්නේ ඉතා දීර්ඝ කාලයක් තිස්සේ මේ ණය ගැති ශේෂ පවතින බවයි.

පසුගියදා රාජ්‍ය ගිණුම්කාරක සභාවේදී මේ පිළිබඳ සාකච්ඡා කෙරී ඇති අතර, ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව, රාජ්‍ය ගිණුම්කාරක සභාවට වාර්තා කර ඇත්තේ මෙවැනි ණය ගැති ශේෂ පිළිබඳ රාජ්‍ය ආයතන සමඟ දැනට සාකච්ඡා පැවැත්වෙන බවත් පවරා ගත් ඉඩම් නිවැරැදිව හඳුනාගත් පසු නිවැරැදිව ගිණුම් ගතකිරීමට කටයුතු කරන බවත්ය

No comments:

Post a Comment