Thursday, 23 May 2013
කසල තේ එපා- ඉරාකය ලංකාවට කියයි
ශ්‍රී ලංකාවෙන් ඉරාකයට කසල තේ යැවීම නතර කරන ලෙස එරට ධූත පිරිසක් රජයෙන් ඉල්ලීමක් කර තිබේ.
මේ අනුව, ඉරාකයේ විද්‍යා හා තාක්ෂණ අමාත්‍යංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් සබාහ් අසීස් හසන් මෙම ඉල්ලීම කිරීමේදී බැග්ඩෑඩ් නුවරින් හමුවූ මෙරටින් යවා තිබූ කසල තේ නියදි කිහිපයක්ද ඉදිරිපත් කළබව වාණිජ හා කර්මාන්ත අමාත්‍යංශය කියයි.
මෙම කසල තේ “පියෝ සිලෝන් ටී“ යනුවෙන් වෙළඳ නාමකරණය කර තිබූ බවද සඳහන්ය.
වාණිජ හා කර්මාන්ත අමාත්‍යංශය පවසන්නේ මෙරට තේවල පස්වන විශාලතම අපනයන වෙළඳ පොළ ඉරාකය බවත් වසරකට ඩොලර් මිලියන 82 ක පමණ මෙරට තේ ඉරාක වෙළඳ පොළට යවන බවයි.
ඉරාකයේ අලෙවි වන තේ වලින් සියයට 70 ක් පමණම ශ්‍රී ලංකාවෙන් යවන ඒවාය.
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment