Tuesday 21 May 2013

වර්ජනය සාර්ථකයි (වෘත්තීය සමිති)



වෘත්තීය සමිති 900කට අධික සංඛ්‍යාවක් සහ දේශපාලන පක්ෂ 15ක් මෙම වර්ජනය සඳහා සහභාගී වන බව වෘත්තීය සමිති ඒකාබද්ධ කිරීමේ සම්බන්ධීකරණ කමිටුව සඳහන් කළේය.

රට පුරාම ‍පාසල් හා පෞද්ගලික ආයතනවල සේවා කටයුතු අඩාල වී ඇති බව වාර්තා වී ඇතැයි මේ වන විට ක්‍රියාත්මක වර්ජනය පිළිබඳ අදහස් දක්වමින් ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානයේ සභාපති ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී කේ.ඩි.ලාල්කාන්ත මහතා පැවසීය.

ජයවර්ධනපුර රෝහල උදේ සිට දවල් 12.00 දක්වා, පේරාදෙණිය සරසවියේ ඉංජිනේරු පීඨය හැර අනෙක් සියලුම පීඨ, ජයවර්ධනපුර වෛද්‍ය පීඨය හැර සෙසු පීඨ, විවෘත විශ්ව විද්‍යාලය සම්පූර්ණයෙන්, මොරටුව සරසවියේ දේශන නොපවත්වාද, වැඩවර්ජනයට සහයදී ඇති බව හෙතෙම කීවේය.

එසේම අනුරාධපුර සියලු පාසල්වල කටයුතු අඩපණ වී ඇති බවත් එම නගරයේ කඩ සාප්පු සියයට 90ක්ද, හලාවත කඩ සාප්පු සියයට 85ක්ද, කොළඹ නගරයේ පෞද්ගලික ආයතන විශාල සංඛ්‍යාවක් වසා දමා මෙම වර්ජනයට සහය පළ කර ඇති බව ඔහු පැවසීය.

මේ ආකාරයට රටපුරා රාජ්‍ය ආයතන හා පෞද්ගලික ආයතන විදුලිබිල වැඩි කිරීමට එරෙහිව ආණ්ඩුවට බලපෑමක් කිරීමේ වර්ජනයට සහයදී ඇති බව ඔහු කීවේය.

වර්ජනය නතර කිරීමට ආණ්ඩුව චක්‍රලේඛ ගසා සේවකයින් රාජකාරීයට වාර්තාකළ යුතු බව පැවසීමෙන්ම සිය අරමුණ සාර්ථක වු නමුත් විදුලිබිල සංශෝධනය කිරීමේ ඉල්ලීම දිනා ගැනීම වෙනුවෙන් සටන අත්හැර නැතැයි ඔහු පැවසීය.
ඉහළ දැමු විදුලි ගාස්තු අඩු කරන ලෙස රජයට බලකරමින් විපක්ෂයේ වෘත්තීය සමිති රැසක් එක්ව අද දිනයේ ක්‍රියාත්මක කර ඇති වැඩවර්ජනය ගැන දිවයිනේ විවිධ ප්‍රදේශවලින් අද දෙරණට තොරතුරු වාර්තා විය.

No comments:

Post a Comment