Tuesday, 21 May 2013

විදුලිසැරින් නැ.පළාත් සභාව කල්දමයි

ඉහළ දැමූ විදුලි ගාස්තු පහත හෙලන ලෙස ඉල්ලමින් විපක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් යෝජනාවක් ඉදිරිපත් කිරීමත් සමග ඇති වු උණුසුම්කාරී තත්ත්වයකින් පසු නැගෙනහිර පළාත් සභාවේ සභා වාරය ලබන මස 18 දක්වා කල් තැබීමට තීරණය කර තිබේ.

මෙම උණුසුම්කාරී තත්ත්වය හටගැනීමත් සමග නැගෙනහිර පළාත් සභාවේ සභාපතිනිය එම තීරණයට එළඹී බව අද දෙරණ වාර්තාකරු පැවසීය.

කෙසේ වෙතත් සභාවාරය කල් තැබීමෙන් අනතුරුව විපක්ෂයේ මන්ත්‍රීවරුන් පළාත් සභාව ඉදිරිපිට විරෝධතාවයක ද නිරතවිය.

No comments:

Post a Comment