Tuesday 28 May 2013

ජෝර්දානයේ සේවය කළ මඩකලපුවේ තරුණියක්‌ වෙඩි පහරකට ලක්‌ව මියයයි

ජෝර්දානයේ ගෘහ සේවයේ නිරතව සිටි මඩකලපුව වාලච්ෙච්න ප්‍රදේශයේ පදිංචි තරුණියක කාලයක්‌ තිස්‌සේ නිවෙස්‌ හිමියන්ගේ විවිධ වධහිංසාවලට ලක්‌වීමෙන් පසු වෙඩි පහරකට ලක්‌ව මියගොස්‌ තිබේ.

මඩකලපුව - වාලච්ෙච්න කරුවාතේ පදිංචිව සිටි නාගේන්ද්‍රන් ගාන්දිමදී නමැති 21 හැවිරිදි තරුණිය මෙසේ මියගොස්‌ ඇත.

ගෘහ සේවිකාවක ලෙස 2010.07.22 වැනිදා ජෝර්දානයට ගොස්‌ ඇති මියගිය නාගේන්ද්‍රන් ගාන්දිමදී දීර්ඝ කාලයක්‌ නිවෙස්‌ හිමියන්ගේ වධහිංසාවලට ලක්‌ව තිබෙන බවත් සේවය කළ නිවසේ හිමියන්ගේ උණුවතුර ප්‍රහාරයක්‌ මුහුණට වැදී රෝහල්ගතවී සිටි බවත් ඇයගේ මවුපියන් වෙත දුරකථන මගින් දැනුම්දී තිබේ.

මියගිය කාන්දිමදී වසර තුනක කාලයක්‌ ගෘහසේවයේ නියුතු වුවත් වසර එකහමාරක පමණ කාලයක වැටුපක්‌ ඇයට ගෙවා ඇති අතර නිවෙස්‌ හිමියන් විසින් ඇයට නිතරම පහරදී ඇති බව ඇය දුරකථන මගින් සිය මවට කියා ඇත.

ඇයගේ දේහය පෙරේදා (26 වැනිදා) ගුවන් මගින් මෙරටට රැගෙනවිත් ඇයගේ ඥාතීන්ට බාරදී ඇති අතර අවසන් කටයුතු ඊයේ (27 වැනිදා) සිදු කරන ලදී.

මේ පිළිබඳව විදේශ සේවා නියුක්‌ති කාර්යාංශයේ මාධ්‍ය ප්‍රකාශක මංගල රන්දෙණිය මහතාගෙන් කළ විමසීමකදී ජෝර්දානයේ සේවය කළ ගෘහසේවිකාවක වෙඩි තැබීමකින් මියගොස්‌ ඇති බවත් මේ පිළිබඳව ජෝර්දානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යායේ කන්සියුලර් අංශය මගින් එරටේ අදාළ ආයතන සම්බන්ධ කරගෙන පරීක්‍ෂණ පවත්වන බවත් පැවසීය.

No comments:

Post a Comment