Tuesday 28 May 2013

රජීව්ට ගහපු දේශප්‍රේමියාගේ පිළිරුවක් හදා ඔහුගේ තුවක්කුව කටුගෙයි තබන්න

ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානයේ සභාපති කේ.ඩී. ලාල් කාන්ත
අසාධාරණ විදුලි බිල වැඩි කිරීම පිළිබඳව දැවැන්ත සමාජ කතිකාවක් රට තුළ ගොඩ නගමින්, ඒ පිළිබඳ සමාජය දැනුම්වත් කරමින් ක්‍රියාත්මක කළ මැයි 21 සංකේත වැඩ වර්ජනය සාර්ථක එකක් යැයි ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානයේ සභාපති, ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික ලාල් කාන්ත මහතා ප්‍රකාශ කළේ ය.

 මැයි 21 සංකේත වැඩ වර්ජනය අසාර්ථක වර්ජනයක් යැයි පුන පුනා ප්‍රකාශ කරන ආණ්ඩුව, එම වර්ජනය ඔවුන් ප්‍රකාශ කරන අන්දමට අසාර්ථක එකක් නම් පාර්ලිමේන්තුවේත් ඉන් පිටතත් සියලු මාධ්‍යයන් පාවිච්චි කරමින් ආණ්ඩුවේ ඇමැතිවරුන්  එම වර්ජනය ගැන මෙතරම් කතා කරන්නේ මන්දැයි ඔහු විමසා සිටියේ ය. සංකේත වැඩ වර්ජන හා සමස්ත මහ වැඩ වර්ජන යනු දෙකක් බවත්, වෘත්තීය සමිති ව්‍යාපාර ලෙස තමන් සටන් කොන්ත්‍රාත් ක්‍රමයට බාර අරන් සිටින පිරිසක් නොවන බවත්, අපට කළ හැක්කේ සටනට නායකත්වය දීම වන අතර ජනතාවට ඊට දායකත්වය ලබා දීමට හැකියාව තිබෙන බව ද කීය. විදුලි බල මණ්ඩලයේ ප්‍රශ්න ගැන කතා කරන විට, ගොවි ජනතාවගේ ප්‍රශ්න ගැන කතා කරන විට, පුරවැසි අයිතිවාසිකම් ගැන කතා කරන විට, ජනතා විමුක්ති පෙරමුණට එරෙහිව ආණ්ඩුව  විවිධ මඩ අසත්‍ය අවලාද නගන බවත්, 88 -89 කාල වකවානුවේ රටේ සිදුවූයේ කුමක්ද යන්න පිළිබඳ ගැඹුරු පැහැදිලි කිරිමක් අවශ්‍යව තිබෙන අතර එම වකවානුවට අයත් සත්‍ය,  ට්‍රාන්ස්ෆෝමර් කතාවකින්  අයිඩෙන්ටි එකතු කළ කතාවකින් වළලන්නට දිය නොහැකි බවද වැඩ කරන ජනතා බලයක් ගොඩ නැගීමට , අයිතීන් දිනා ගැනීමට එක්ව සටන් වදිමු යන තේමාව යටතේ මෝදර මහ‍පොළ අභ්‍යාස ආයතනයේ දි පැවැති සමස්ත ලංකා වරාය ‍පොදු සේවක සමිතියේ 15 වන වාර්ෂික සමුළුවට සහභාගි වෙමින් ඔහු මෙසේ ද කීය. යුරෝපය මේ වන විට කප්පාදුව පටන්අරන් තියෙනවා.  වැඩ කරන ජනතාවගේ විශ්‍රාම වැටුප කපනවා. රැකියාවලින් සේවකයෝ  එළියට දානවා. විදුලි බිල ඉහළ දමමින් ආණ්ඩුව මේ පටන් ගත්තෙත් ඒ කප්පාදුවයි. අයිඑම්එෆ් කොන්දේසි ඉටු කරමින් ඒ අනුව ආණ්ඩුව කටයුතු කරනවා. මේක විදුලි බිලෙන් නතර කරන්න බැහැ. ඒ නිසා රටේ ජනතාව පෙළ ගැස්වීම අවශ්‍යයි. 

 මැයි 21 වෘත්තීය සමිති ව්‍යාපාරය තෝරාගත් ආයතනවල වැඩ වර්ජනය කළා. අපිට හදිස්සිය තිබුණට සමස්ත මහ වැඩ වර්ජන කැඳවන්න බැහැ. අපිට එවැනි හදිසියක් කුලප්පුවක් නැහැ.  එහි වගකීම, එහි ඇති බැරෑරුම්කම අපි දන්නවා.   විවිධ වෘත්තීය සමිති එකතු කරන්න ඕනෑ. නායකයින් පමණක් මදි. පහළට ඒ උවමනාව තියෙන්නත් ඕනෑ. අපිත් දායක වෙන්න ඕනෑ කියන හැඟීම එන්න ඕනෑ. මෙච්චර කල් ඒක හදන්න බැරි වුණා.  නායකත්වයක් කෝ විපක්ෂයක් කෝ වැඩපිළිවෙළක් කෝ මිනිස්සු ඇහුවා.  එහෙම එකක් තියෙනවා කියලා තහවුරු වෙන විට, අඛණ්ඩ නායකත්වයක් අපිට ලැබෙනවා කියලා පේන කොට තමයි ජනතාව එකතු වන්නේ. ආණ්ඩුවේ ප්‍රබලයින්ගේ මඩකරියෝ ටික අපිට ගහනකොට ඒවාට ඔරොත්තු දීගෙන අපි වැටෙන්නේ නැහැ කියලා පෙන්වනකොට තමයි මේක තහවුරු කරන්න පුළුවන් වෙන්නේ. මේ විදියට ගහනකොට ආණ්ඩුවයි ඒක වටේ ඉන්න අයයි  හිතනවා ඇති අපි මේක අත්හරීවි කියලා. නැහැ වැරැදිලා. මීට වඩා ගැහිලි අපට ගහලා තියෙනවා. එල්ලලා ගහල තියෙනවා. ඒ මොනවායින්ද කියලා ඔබ දන්නවා. එහෙම ගහලත් පුළුවන් වුණේ නැහැ අපි ජනතාව වෙනුවෙන් කරන දේ නතර කරන්න.

 විදුලිබල මණ්ඩලයේ ප්‍රශ්නය ගැන කතා කරන්න යන හැම දවසකම ට්‍රාන්ස්ෆෝමර් කැඩුවා කියනවා. මේකට උත්තරයක් නොදී යන්න බැහැ. ගොවි ජනතාවගේ ප්‍රශ්නයක් ගැන කතා කරන්න ගිය ගමන්, ගොවි ජන සේවා මධ්‍යස්ථානයට ගිනි තිබ්බා ඔහෙලට අයිතියක් නැහැ ඒ ගැන කතා කරන්න කියනවා. එහෙනම් ගොවිජන සේවා මධ්‍යස්ථානයට ගිනි තිබ්බේ කවුද? ඒ ඇයි කියලා රටට පැහැදිලි කරන්නේ නැතිව මේ දේශපාලන ගමන දැන් යන්න බැහැ. ඒක හරියට පැහැදිලි කරගන්න ඕනෑ. පුරවැසියන්ගේ අයිතිවාසිකම් ගැන කතා කරන්න ගිය ගමන් කියනවා උඹලා අයිඩෙන්ටි එකතු කළා කියලා. මේ සියල්ල පැහැදිලි කළ යුතුව තිබෙනවා. ජනතා විමුක්ති පෙරමුණ මොනවා කතා කරන්න ගියත් කියනවා තමුසෙලා 88-89 කාලයේ දී මැරුවා කියලා.  අපිට කියන්න තියෙන්නේ පුරන් අප්පුලා 48 දීත් මැරුවා.
 
කැප්පෙටි‍පොළලා 18 දී රාජ්‍ය දේපළවලට ගැහුවා. ගිනි තිබ්බා. අර ඊතලයේ පන්දම පත්තු කරලා ගැටගහලා තමයි ඇදලා තිබ්බේ.මාත‍ලේ කැරැල්ලෙදී මාත‍ලේ කච්ච්ෙරියට ගහලයි වැඩ පටන් ගත්තේ. එදා මේ රටේ තිබුණේ දේශප්‍රේමී අරගලයක්. ඒ දේශප්‍රේමී අරගලෙයේ ජේ.වී.පී. කාරයොත් හිටියා.තවත් අයත් හිටියා. සිද්ධි ගැන නමෛයි පසුබිම ගැනයි බලන්න ඕනෑ.

 
අපේ රටේ ඉතිහාසයේ අවසාන ආක්‍රමණය කළේ කවුද කියලා ඇහුවහම කියන්නේ කුමක්ද?  බ්‍රිතාන්‍ය පාලකයෝ කියලා. මේක ඇත්ත ඉතිහාසයද?  අපේ රටට සෘජු ආක්‍රමණයක් කළේ කවුද? ඉන්දියාවයි.  ඇයි මේ සත්‍ය අපේ ඉතිහාසයේ ලියන්න බැරි?   බයද? පාවා දීපු අයට ලියන්න කැතද? ඔව් අපි දන්නවා කැතයි.  මේ රටේ දී 87 දී වුණු ඇත්ත දෙයක් තියෙනවා. එය ඉතිහාසයේ තියෙනවා. ඒක ට්‍රාන්ස්ෆෝමර් කතාවකින්  අයිඩෙන්ටි එකතු කළ කතාවකින් වළලන්න දෙන්න බැහැ. එදා මේ රටේ තිබුණේ දේශප්‍රේමි අරගලයක්. ලංකාවේ කෞතුකාගාරයේ තැබිය යුතු, නමුත් එතැන නොමැති වටිනා දෙයක් තියෙනවා. අපි ඒක මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාට කියනවා.  පැහැදිලි කරන්නම් ඒ ගැන. 


 ඉන්දියාව අපේ රට ආක්‍රමණය කළා. ජේ.ආර්. ජයවර්ධන මිය යන්නේ යටත් වුණු දේශපාලඥයෙකුගේ අත්දැකීමක් ඇතුවයි.  සමහරු කියනවා ජේ.ආර්. මාර ‍පොරක් කියලා. ‍පොරක් තමයි.  ඔහුගේ ජිවිතයේ අවසාන අවධිය යනු ආක්‍රමණයක් හමුවේ යටත්වුණු පමණක් නොවෙයි ඒ ආක්‍රමණිකයාගේ නායකයා  ලංකාවට ගෙන්වා ගෙන, යටත් ගිවිසුමකට අත්සන් කරලා රටත් යටත් කළා. ඒවා 1815 ගිවිසුම් වගේ තමයි. 2002 අත්සන් කරපු ගිවිසුම වගේ තමයි එවා.  87 දී අත්සන් කළ ඉන්දු ලංකා ගිවිසුම කියන්නේ, ඉන්දියාව රට ආක්‍රමණය කරලා , රටේ රජ්ජුරුවෝ යටත් කරලා, රටේ රජ්ජුරුවන්ගේ හමුදාව දකුණට කැඳවලා, ඉන්දියානු හමුදාව රටේ භූමියේ තුනෙන් එකකට ගොඩබස්සලා, ඉන්දියානු හමුදාව ආක්‍රමණය කළා. මේවා මේ රටේ ජනතාවට මතකත් නැහැ. අලුත් පරපුර දන්නේත්  නැහැ. ඒ නිසා මුන්ට බොරු කියන්න පුළුවන් වෙලා තියෙනවා. ඒ නිසා මේ ඉතිහාසය උඩට අනිවාර්යෙන් ගන්න ඕනෑ. එතකොට රටේ හිටියේ පර හමුදාව. ඒ පර හමුදාවට පාලකයා යටත් වුණාම , ඒ පාලකයාගේ අණ දෙන හමුදාවත් යටත් හමුදාවක්. ලංකාවේ හමුදාව ජේ.ආර්. ජයවර්ධනලා යටත් කළා.  ඒ හමුදාවේ එක තුවක්කුවයි ආක්‍රමණිකයාට එරෙහිව පත්තු වුණේ,  ඒ රජීව් ගාන්ධිට ගහපු තුවක්කුව. ඒ තුවක්කුව තියන්න ඕනෑ ලංකාවේ කෞතුකාගාරයේ. එදා ඒ දේ කළේ ජේ.වී.පී. කාරයෙක් නමෛයි. ඒකත් කියන්න ඕනෑ. අන්න දේශප්‍රේමියෙක්. 

දේශප්‍රේමියා කියන්නේ ජේ.වී.පී. කාරයා කියන එකටම නමෛයි. එදා තිබුණේ දේශප්‍රේමි අරගලයක්.  දේශප්‍රේමී අරගලයේ ජේ.වී.පී. කාරයොත් හිටියා. තවත් අයත් හිටියා.  ඒ හිටපු එක්කෙනෙක් තමයි රජීව් ගාන්ධිට තුවක්කුවෙන් ගහපු මිනිහා. එයාගේ පිළිමයක් මේ රටේ ඉදි කරන්න ඕනැ.  එහෙම  නැතුව ඉන්දියානු ආක්‍රමණික හමුදාවේ මැරුණු අයගේ ස්මාරක ජනකලා කේන්ද්‍රය ඉස්සරහා ඉදි කරන එක නමෛයි මේ රටේ කළ යුත්තේ. මේ ස්මාරක ඉදිකළේ මහින්ද රාජපක්ෂ පාලන කාලයේදීයි. මේවා මේ රටට කියන්න ඕනෑ. වහන්න දෙන්න බැහැ. එදා රජීව් ගාන්ධිට ගහපු කෙනා විතරක් නමෛයි ඒ වර්ගයේ  තවත් අයත් අපේ අයත් ඇතුළුව ගොඩක් මිනිස්සුත්  ඒ ආක්‍රමණයට විරුද්ධවත් , ඒ ආක්‍රමණය හමුවේ යටත් වුණු රජුට විරුද්ධවත් සටනක් අරගලයක් පටන් ගත්තා.  ඒ අරගලය
 
නොකළානම්, මේ රටේ ශ්‍රී ලාංකිකයන් කියලා එක පුරවැසියෙක් නැහැ.  රටක් ආක්‍රමණය කරලා තියෙද්දී, රටක විදේශ හමුදාවක් ගොඩබස්සලා තියෙද්දී, රටේ තුනෙන් එකක් ඒ ආක්‍රමණිකයින් යටත් කරලා තියෙද්දී, ඒ විදේශ හමුදාව යටතේ උතුරේ පළාත් සභා ඡන්දයන් තියද්දි, ඒ ආක්‍රමණිකයාගේ වැඩපිළිවෙළ ගෙඩියපිටින්  බාරගත්තු අනුමත කරපු දේශපාලන පක්ෂ හිටියා. ඒ අයගෙන් සමහරෙක් රජ ගෙදරත්, කැබිනට් එකෙත්, රටේ ඉහළම පුටුවලත් ඉන්නවා. මේ ඇත්ත ඉතිහාසය ලියැවෙනවාට මේ අය කැමැති නැහැ. ඒ අයගෙන් කවදාවත් ලියැවෙන්නේ නැහැ 87 දී රට ආක්‍රමණයක් කළාය. ඉන්දියාවේ ඒ වැඩ පිළිවෙළ ඒ අය විසින් බාර ගත්තාය කියලා ඒ අය ලියන්නේ නැහැ. සුද්දෝ කැප්පෙටි‍පොළලා ගැන ලිව්වේ නැහැ. ඒ අය වීරයන් කියලා කිව්වේ නැහැ. ඒ අය  ගැන සටන් කරපු මිනිස්සු තමයි දන්නේ. ඒ සටන යද්දී සිද්ධ වුණු දේවල් තියෙනවා. මෙච්චර කල් හමුදා කඳවුරු තිබුණේ නැති තැන්වල , හමුදාව කඳවුරු අටවා ගත්තා. සටන තිබුණේ ගම්වල. බෝඩ් එක ගොවි ජන සේවා මධ්‍යස්ථානය.  ඇතුළේ තිබුණේ හමුදා කඳවුර. රෑ තිස්සේ ගම්වල ඇවිදලා , දේශප්‍රේමී අරගලවලට සම්බන්ධ වුණු කොල්ලෝ කෙල්ලෝ අරන් ඇවිල්ලා, දස වද දීලා, උදේ පාන්දර ටයර් කපලා  ඔළුව රිටේ ගහලා තිබුණු ‍පොඩි ‍පොඩි කෑම්ප් හතර වටේ තිබුණා. බෝඩ් එක මොකක්ද? ගොවිජන සේවා මධ්‍යස්ථානය. ඔබට මතකයි හමුදාව, කොටි ත්‍රස්තවාදීන් සමග කළ සටනේ දී ඉස්කෝලකට  හමුදාව ගැහුවා කිව්වා.  ජාත්‍යන්තරයත් ඒ ගැන කිව්වා. නමුත් වුණේ මොකක්ද. බෝඩ් එක ඉස්කෝ‍ලේ වුණාට ඇතුළේ හිටියේ කොටි ත්‍රස්ත්‍රවාදීන් නම්  එතැනට ගහනවා.

No comments:

Post a Comment