Wednesday 15 May 2013

ඉතිහාසයේ ප‍්‍රථම වතාවට ජනතාවට ප්‍රෙක්ෂකයො නොවී වර්ජනයට සහභාගී වෙන්න පුළුවන් - ලාල්කාන්ත

21 වැඩවර්ජනයට රටේ සියළු ජනතාවට සහභාගී විය හැකි බවත් ජනතාවට පේ‍්‍රක්‍ෂකයන් වී නොසිට මෙම වැඩවර්ජනය සඳහා දායකත්වය ලබාදී වැඩි කළ විදුලි බිල ආපස්සට හැරවීමේ සටනට ශක්තියක් ලබා දිය හැකි බවත් ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානයේ ලාල්කාන්ත සහෝදරයා පවසයි. ඔහු මේ බව සඳහන් කළේ අන්තර් සමාගම් සේවක සංගමය විසින් සංවිධානය කර තිබූ මධ්‍යම කාරක සභා රැස්වීමක් අමතමිනි. අසාධාරණ ලෙස ඉහළ නංවා ඇති විදුලි ගාස්තුව අහෝසි කරන මෙන් ඉල්ලා එළඹෙන 21 වන දින දියත් කිරිමට බලාපොරොත්තු වන මහා වැඩවර්ජනය පිළිබඳව අන්තර් සමාගම් සේවක සංගමයේ එම විශේෂ මධ්‍යම කාරක හමුව පසුගිය 13 වන දින කොළඹ මහජන පුස්තකාල ශ‍්‍රවණාගාරයේ දී පැවැත්විය.


එම හමුවේ ප‍්‍රධාන දේශනය ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානයේ සභාපති ලාල් කාන්ත සහෝදරයා විසින් කළ අතර අන්තර් සමාගම් සේවක සංගමයේ සභාපති වසන්ත සමරසිංහ සහෝදරයාද අදහස් දැක්වීය.
පළමුවෙන් අදහස් දැක් වු වසන්ත සමරසිංහ සහෝදරයා පවසා සිටියේ, පෞද්ගලික අංශය නියෝජනයකරමින් ලක්ෂ 65ක් පමණ සේවයෙහි නිරත වන අතර කර්මාන්තශාලා සහ සේවා ස්ථානයන් හි ලක්ෂ හතළිහකට ආසන්න පිරිසක් සේවය කරන බවයි. මෙහි රැස්ව සිටින්නේ එම පිරිස නියෝජනය කරමින් පැමිණි වෘත්තිය සමිති නියෝජිතයින් බව ද ඔහු සඳහන් කළේ ය.

තව දුරටත් අදහස් දැක් වු වසන්ත සමරසිංහ සහෝදරයා ආණ්ඩුව විදුලි ගාස්තුව ඉහල දැමීමට පෙර අමාත්‍යාංශ සංශෝධනයක් කරමින් හිටපු ඇමතිවරයා වෙනත් අමාත්‍යාංශයකට යවා පවිත‍්‍රා වන්නිආරච්චි මැතිණිය ඇමතිවරිය ලෙස පත්කළා. ඇය මොක ද කලේ? ජනතාවට ගිනි දුන්නා. ඇය සිය වගකීම් මගහරිමින් මේ ප‍්‍රශ්නය ආණ්ඩුවේ ප‍්‍රශ්නයක් ලෙස හුවා දක්වමින් අත හෝදගන්න හදනවා.

මෙවර ජනතාවට වැදුනෙ බක්මහ අකුණු නෙවෙයි බක්මහ විදුලිය. විදුලි ගාස්තුව සියයට හැටක් වැඩි කළා. අපේ රටේ සිටින 54 ලක්ෂයක් වන විදුලි පාරිභාගිකයින්ගෙන් 48 ලක්ෂයක් ඒකක 180 ට අඩුවෙන් පාවිච්චි කරනවා. ඒකක විදියට ගත්තොත් මේ අය තමයි වැඩි ම පාරිභෝගිකයො. නමුත් මහින්ද රාපක්ෂ මැයි දිනයෙදි කිව්වෙ කොහොමද? ගමේ යනකොට එයාට කිව්වලූ අනේ සර් අපිනම් පාවිච්චි කරන්න ඒකක හැටකට අඩුවෙන් කියල. මට හිතෙන්නෙ මහින්ද රාජපක්ෂ මහත්මය ඊට කලින් ගමේ ගිහින් ම නැ වගේ. ඒ නිසා ඒකක හැටට යනකන් වැඩි කරන්නෙ නෑ කියල මහින්ද රාජපක්ෂ මහත්මය කිව්ව. 90 සිට 180 දක්වා ඉන්ධන හා සැපයුම් ගාස්තු සහනයක් දෙනව කිව්ව. මණ්ඩලෙන් කියනව විදුලි බිල අඩු කරන්නෙ නෑ කියල. මණ්ඩලෙන් එන යෝජනාවෙදි ඒක ක්‍‍්‍රියාත්මක නෑ. ඒ අය කියනව ඒකක 30 ට අඩුවෙන් පාවිච්චි කරන අයට තමයි වැඩි කරන්නෙ නැත්තෙ කියල.

අපි මැයි 20 වෙනිද වෙනකන් කල් දෙනවා. විදුලිය ගාස්තුව අහෝසි කළ යුතුයි.
ගාස්තු වැඩිවෙන එකට කිව්වෙ මෙකක්ද? මේක ඇතුළ මාෆියාවල් තියනව කිව්ව. හොරකම්, දූෂණ, නාස්තිය තියනව කිව්ව. නමුත් ඒ එකකටවත් උත්තර නොදි තමයි මේ සංශෝධන ඉදිරිපත්කරල තියෙන්නෙ. 2012 ශ‍්‍රී ලංකා මහබැංකු වාර්තාව කියනව 2011 සහ 2012 වසර දෙකේ ජලවිදුලි නිෂ්පාදනය සියයට පනහකින් පහත බැහැල කියල. ඒ සම්බන්ධයෙන් කිසිදු මැදිහත්මක් නොකර ආණ්ඩුව සංශෝධන ඉදිරිපත් කරනව කොහොම හරි ජනතාවනේ හූරගන්න. දැන් ආණ්ඩුව කියන්නෙ මොකක් ද? ඒකක 1 සිට 60 දක්වා අය කරන්නෙ නැ කියල. ඒක සම්පූර්ණ බොරු. දැනටත් ඒකක 60 දක්වා පාවිච්චි කරන අයට ගාණක් වැඩිවෙලා. 60 සිට 180 දක්වා පරිභෝජනය කරන අය ලක්ෂ 30 ක් පමණ වෙනවා. ඒ අය මාසෙකට ගෙවන විදුලි බිල්වල වටිනාකම මිලිය 2000 ක් පමණ වෙනවා.

එතකොට වැඩිවෙන ගාන? වැඩිවෙන ගානත් මිලියන 2100 ක් විතර වෙනවා. කොහොමද වැෙඩ්? මේ අලූත් සංශෝධනය අනුව 60 සිට 180 දක්වා ඉන්න පාරිභොගිකයො දැනට ගෙවන ගානට වැඩියෙන් ගෙවන්න  ඕන. කොහොමද ඒක වෙන්නෙ? පළමු 60 ට රුපියල් 10 යි. 61 සිට රුපියල් 12 යි. 90 පැන්නට පස්සෙ මුල් 60 ට දහය ගානෙ. 90 දක්වා 12 ගානෙ. අනු එක පැන්නට පස්සෙ 120 දක්වා 26.50 ගානෙ. 121 සිට 180 දක්වා 30.50 යි. 181 සිට රුපියල් 40 යි. මේව ඇතුළෙ තව ඉන්ධන සැපයුම් ගාස්තුත් තියනව.
අපි බොහෝ දෙනෙකුගෙ ගෙදරක ඒකක හැටට වැඩිය පාවිච්චි වෙනව. අයන් එක, හීටරය, රයිස් කුකර් එක, ටීවී එක, සමහර ගෙවල්වල පරිගනකයක් තියනව. මේ ටික ගත්තම අනිවාර්යයෙන් හැට පනිනව. විදුලිබල මණ්ඩලය කියනව පාඩුව අවම කරගන්න කෝටි 2700 ක් අයකරගන්න  ඕන කියල. ඒ නිසා අපි අහනවx දැයට කිරුළට වියදම් කරා කෝටි 3000 යි. මත්තල ගුවන් තොටුපොළ, හම්බන්තොට වරාය හැදුවට ඒවගෙ ප‍්‍රතිඵලයක් තියනවද? හයිවේ එක හැදුව. අවුරුද්දක ආදායම කෝටි 100 යි. වියදම කෝටි 650 යි. මොකද? ණය පොලී වාරික ගෙවන්න  ඕන. මිහින් ලංකා හදපු දවසෙ ඉඳන් පාඩුයි. ගිය අවුරුද්දෙත් කෝටි 350 ක් වෙන් කරල දුන්න. එයාර් ලංකා අලාබය කෝටි 1940 යි.

වාර්ෂිකව කෝටි 350 ක් 400 ක් වෙන් කරනව. මේව කාගෙ සල්ලි ද? රටේ පවුල් 48 ලක්ෂයකගෙන් ටික ටික ගන්නෙ හදන්නෙ මොනවද? මෙන්න මේ පාඩුවෙන මුදල. දැයට කිරුළ නැවැත්තුව නම් කෝටි 3000 ක් ඉතුරුයි. එතකොට විදුලිබල මණ්ඩලයේ පාඩුව පියවෙලා තව කෝටි 300 ක් ඉතුරුත් වෙනව. ඒක කරන්නෙ නෑ.

මේ වන විට ආයතන පාලකයොත් අපි සමග මේ සම්බන්ධයෙන් කතාකරනවා. සමහර අය කියනවා ඒ අයට මිලියන 40 ක්, 14 ක්, 7ක් වගේ ගණනකින් වැඩිවෙනව කියල. භාණ්ඩවල මිල ඉහළ යාමට මේක සෘජුව ම බලපානව. විදුලි ගාස්තුව ඉහළ දැමිම නිසා සෘජුව බලපාන දේට වඩා වක්‍‍්‍රව බලපාන දේවල් වැඩියි. බස් ගාස්තුවත් වැඩි වෙනවා. ? කෙඬ් ආප්පෙ, කොත්තු රොටියෙ, ප‍්‍රයිඕ රයිස් එකේ ගාණත් වැඩි වෙනවා. නිදහස් වෙළඳ කලාපයේ බෝඩිං ගාස්තු වැඩි වෙනවා. දැනට ම රුපියල් 500 ක් වැඩි කරල.
මහින්ද රාජපක්ෂ මහත්මය පළවෙනි පාඩම ඉගෙනගත්තෙ කටුනායක සේවකයො එළියට බැහැපු වෙලාවෙ. ඒ නිසා අන්තර් සමාගම් සේවක සංගමය අද එකතු වුනේ මහින්ද රාජපක්?ෂ මහත්තය ඇතුළු ආණ්ඩුවට පණිවිඩයක් දෙන්න. එදා ඒ සටනට මැදිහත් වෙච්ච අපි සූදානම් 21 වෙනිදට පවත්වන වැඩවර්ජනය සාර්ථක කරල ආණ්ඩුව තියපු අඩිය ආපස්සට තියවන්න. ඒ ස`දහා අවශ්‍යය සියලූ බලවේග එකතු කරනව. ඒ පණිවිඩය දෙන්න තමයි අදඅ පි ඔය සහෝදරවරු මුණ ගැහුනෙ.

ජාතික වෘත්තිය සමිති මධ්‍යස්ථාන සභාපති කේ. ඩී. ලාල්කාන්ත සහෝදරයා අදහස් දක්වමින්.
ආණ්ඩුව පත්වුණ දවසෙ ඉඳන් ෆැක්ටරි ගොඩක් වැහුවා. හැබැයි දෙකක් පවත්වාගෙන යනවා. මොකක් ද මේ ෆැක්ටරි දෙක? මඩ ෆැක්ටරිය සහ පච ෆැක්ටරිය. අපි වැඩක් පටන්ගත්ත ගමන් මේ ෆැක්ටරි දෙකත් වැඩ පටන්ගන්නවා. ඒ ෆැක්ටරිය මොනතරම් කාර්යක්ෂම වුනත් අපි අපේ සටන ජයග‍්‍රහණය කරනවා.
දැන් එමු විදුලි ගාස්තු ප‍්‍රශ්නයට. හැමෝ ම කියන්නෙ විදුලි බිල අඩුකරනු කියලනෙ. අපි කියන්නෙ නැ අඩු කරන්න කියල. එහෙනම් අපි මොකක්ද කියන්නෙ? වැඩි කළ විදුලි ගාස්තුව වහා අහෝසි කරනු කියල.
අපි පසුගිය මාසෙ 29 වන දින ලිඛිතව ම ජනාධිපතිතුමාට දැන්නුව. මොකද නැත්නම් කියන්න පුළුවන් මේ දඩිබිඩි කඩාකප්පල්කාරි ක්‍‍්‍රියා කියල. එතුමා මැයි මාසෙ පළවෙනිද. ඒ කියන්නෙ ජාත්‍යන්තර කම්කරු දිනයෙ කියනව ගමේ යනකොට එක එක්කෙනා කියපු නිසා සහනයක් දෙනව කියල. ගමේ යනකොට පාරෙදි හමුබවෙන අය කියන විදියට ප‍්‍රතිපත්ති වෙනස් කරනව නම් ඒකෙන් ම අපට ආණ්ඩුවෙ වැඩපිළිවෙල ගැන හිතාගන්න පුළුවන්නෙ. මේක වැල් බයිලයක්නෙ. ආණ්ඩුව මොකක් ද කරේ? ආණ්ඩුව දැන් තමන්ට  ඕන ගානට විදුලි බිල ගෙනල්ල තියනව.

ඉස්සෙල්ල කරන්නෙ තමන්ට අවශ්‍යය ප‍්‍රමාණයට වඩා ගාස්තුව වැඩියෙන් ඉදිරිපත් කරනව. ඊට පස්සෙ අවශ්‍ය ප‍්‍රමාණෙට බස්සල කියනව ඔන්න අපි සහනයක් දුන්න කියල. ඒ නිසා සහනයක් දුන්න කියන එක අපි සම්පූර්ණයෙන් ම ප‍්‍රතික්ෂේප කරනව.

කර්මාන්තකරුවන් විශාල අර්බුදයකට ලක්වෙලා. ඔවුන් දැන් සාකච්ඡුා කරමින් යනව සවස 6.30 සිට රාත‍්‍රී 10.30 දක්වා කර්මාන්ත ශාලාවල වැඩ නවත්තල නැවත රාත‍්‍රී 10.30 ඉඳල උදේ වෙනකන් වැඩ කරන්න. මොකද? වැඩි ම පරිභෝජනයක් තියෙන්නෙ ඒ වෙලාව නිසා. ඒ වෙලාවෙ වැඩ කළොත් ලක්ෂ ගණනින් විදුලි බිල ඉහළ යන්න පුළුවන්. නමුත් ඒ වැඕ ලේසි ද?. නෑ. ඒ අය මුල ඉඳන් ම තමන්ගෙ ක්‍‍්‍රමවේදය වෙනස් කරන්න  ඕන. රටේ පමණක් නොවෙයි ජාත්‍යන්තර නීතියක් තියනව කාන්තාවන් ? වැඩ කරනවනම් ඒ අය වෙනුවෙන් ආයතනවලින් ඉටු කළ යුතු වගකිම් මොනවද කියල. ඒව එක පාරට ම ක්‍‍්‍රියාවට නගන්න අමාරුයි. ඒ නිසා ඒ අයත් අපේ සටන දිහා බලාගෙන ඉන්නවා. අපේ සටනින් ඒ අයටත් සහනයක් ලැබේවිද කියල.
මේ විදුලිබල අර්බුදය සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂයත් වගකිව යුතුයි. අපි දන්නව 78 එක්සත් ජාතික පක්ෂය තීරණය කරනව රජය නිෂ්පාදන ක්‍‍්‍රියාවලියෙන් ඉවත්විය යුතුයි කියල. මොනවද නිෂ්පාදන ක්‍‍්‍රියාවලි කියන්නෙ? සෞඛ්‍යය, අධ්‍යාපනය, භාණ්ඩ හා සේවා නිෂ්පාදනය.
මේ තීරණය අනුව 90 දශකය ආරම්භයේ දී ඔවුන් ඉවත් වෙමින් ආව. ඊට කලින් අපේ රටේ ආණ්ඩුවෙ වියදම් අනුපිළිවෙළ තිබුණෙ මේ ආකාරයට.

01. භාණ්ඩ හා සේවා, සහනාධාර සහ සංක්‍‍්‍රාම. මේක ආර්ථික විද්‍යාවට අදාළ වචනයක්. මෙයින් කියවෙන්නෙx ආනයන, අපනයන, විදේශ කටයුතු සහ සංචාරක කටයුතු ආදිය.

02. ලබාගත් ණය පොලි ගෙවීම.

03 . රාජ්‍ය සේවක වැටුප් සහ වේතන
මේ තුන අතරින් වැටුප්, වේතන සහ ණය පොලි ගෙවීමෙන් ඉවත් වෙන්න බැහැ. ඒ නිසා පළවෙනි කොටසෙන් ඉවත් වුණා. එතකොට දැන් අනු පිළිවෙළ කොහොම ද?

01. වැඩිම කොටස ලබාගත් ණය සහ පොලි ගෙවීම.

02. වැටුප් සහ වේතන ගෙවීම. (මේකත් කපපු තැන් තියෙනවා. කොහේද? සිටිබි සේවකයින්ගෙ. ඒ අයට කියන්නෙ. අපි ගෙවන්නෙ මෙච්චරයි. ඉතිරි ටික උඹල හොයාගනිල්ල කියල)

03. භාණ්ඩ හා සේවා, සහනාධාර සහ සංක්‍‍්‍රාම.

මේ සියල්ලගෙන් ඉවත් වෙන්න නම් ආයතන පුද්ගලීකරණය කරන්න වෙනවා. එහි ප?‍්‍රතිඵලයක් විදියට තමයි විදුලිබල මණ්ඩලයත් සම්පූර්ණයෙන් ම පුද්ගලිකරණය කිරීමේ මාවතට තමයි මේ ඇවිත් තියෙන්නෙ.
එක්සත් ජාතික පක්ෂ ආණ්ඩු කාලෙත් අද වගේ ම පච කෙළිය. ඒගොල්ලොත් කිව්ව ලංකාවට ම විදුලිය දීල ඉතිරිය ඉන්දියාට දීල මුදල් ගන්නව කියල. නමුත් ජාතික සැලැස්මකට අනුව වැඩ කළ යුතුයි කියල හිතපු සහ දුර දැක්මක් තිබුණ නිලධාරින් සහ ඉංජිනේරු මහත්තුරු කිව්ව මේ විදියට දිගටම යන්න බැහැ කියල. ඒ නිසා අපට අවශ්‍ය ගල් අගුරු බලාගාර කියලත් කිව්ව.

1992 සහ 93 වසරවලදි ජපානය ඉදිරිපත් වුණා අපට ගල්අගුරු බලාගාරයක් හදල දෙන්න. නමුත් ඒක බාරගත්තෙ නෑ. දිගින් දිගට ම ජපානය පෙනි සිටිද්දි අපේ අය ඒක ප‍්‍රතික්ෂේප කරා. 2002 බලයට ආපු එක්සත් ජාතික පක්ෂයේ අගමැති රනිල් වික්‍‍්‍රමසිංහ මහත්තය ජපාන තානාපති අගමැති කාර්්‍යාලයට ගෙන්නල කිව්ව, ඔයාලගෙ ගල්අගුර බලාගාරය අපට  ඕන නෑ. ඒ අදහස ඉවත්කරගන්න කියල. ඒ නිසා රනිල් වික්‍‍්‍රමසිංහ මහත්තයටත් මේ විදුලි බිල සම්බන්ධයෙන් ලොකු වගකීමක් තිබෙනවා. ගල් අගුරු බලාගාරය ප‍්‍රතික්ෂේප කරල තාප බලාගාර ඉදිකෙරුවා. ඒ සදහා නියෝග දුන්නෙ රනිල් වික්‍‍්‍රමසිංහ. තාප විදුලිය කියන්නෙ සල්ලිනෙ. ඒක කොහොමත් ගණන් වැඩියි. මේව ඉදි කළෙත් පුද්ගලික අංශ මගින්.

ඒගොල්ලො විදුලිබල මණ්ඩලය සමග ගිවිසුම් ගැහුව. මේ ගිවිසුම් වැරදියි කියල මහබැංකු වාර්තාවලින් පෙන්නල දෙද්දිත් නැවත නැවතත් ඒ ගිවිසුම් දික් කරා. ජලාශ ප‍්‍රතිසංස්කරණය කරන්න කියල ජලාශවල වාන් දොරටු ඇරිය. ඇයි මේ? තාප බලාගාර මාෆියාවට ලාබ උපයල දෙන්න. ඒ ගහපු ගිවිසුම් අහෝසි කරල අලූත් ගිවිසුම්වලට ගියොත් පුළුවන් ජනතාවට සහන දෙන්න. නමුත් යන්නෙ නෑ. එතකොට බලධාරින්ගෙ කොමිස් කුට්ටිය අඩු වෙනව.

කොහොමද සහන දෙන්නෙ කියල ආණ්ඩුවෙ ඇමතිවරු අහයි.

ආන්ඩුවෙ ඇමතිවරුන්ගෙන් කිහිපදෙනෙක් හැර අනෙක් සියලූ දෙනාම තමන්ගෙ විදුලි බිල ගෙවන්නෙ ජනතාවගෙ මුදල්වලින්. ඒ නිසා පළමුවෙන් ම රජය ආදර්ශයක් දෙන්න.
අපිට තියනව යෝජනා ක්‍‍්‍රම කිපයක්. අපි ඒව ඉදිරිපත් කරන්නම්.

01. රජයේ මැති ඇමතිවරන්ට රජයේ මුදලින් විදුලිය ලබාගැනිම තහනම් කරල චක්‍‍්‍ර ලේඛනයක් නිකුත් කරන්න.

02. තාප විදුලිය සම්බන්ධයෙන් පුද්ගලික ආයතන සමග අත්සන් කරපු ගිවිසුම් අහෝසි කරන්න. වන්දි ගෙවා පවරා ගන්න. ජනතාවට සුදුසු විදියට ගිවිසුම් යාවත්කාලින කරන්න.

03. සපුගස්කන්දෙ ධාරිතාව උපරිමයට ගත හැකි ව්‍යාපෘතියක් සැලසුම් කරන්න. ඉතිරිය සදහා නවීන තෙල් පිරිපහදුවක් හදන්න.

04. සැණකෙළි සදහා දරන වියදම් අඩු කරන්න.
මේ සියල්ල කරාට පස්සෙත් පාඩුවක් තියනව නම් අපි කැමතියි ජනතාවට කියන්න විදුලි ගාස්තුව ටිකක් වැඩි කරමු කියල. එහි පළමු පියවර විදියට වැඩිකරපු විදුලි ගාස්තුව වහාම අහෝසි කරන්න. එසේ නොවුනහොත් අපි 21 වෙනිදට රට පුරා ව්‍යාප්ත වෙන පරිදි සංකෙත වැඩවර්ජනයක් පවත්වනවා. 20 වෙනිදා දවල් දොළහ වෙනකම් කල් දෙනවා. එදා දවල් දොළහට කිව්වොත් වැඩිකළ විදුලිය ගාස්තුව අහෝසි කරනව කියල. අපි 02 ට පුවත්පත් සාකච්ඡුාවක් පවත්වල කියනව වර්ජනය අහෝසියි කියල. ආණ්ඩුව තමන්ගෙ තීරණය වෙනස් නොකළොත් අපි 02 ට පුවත්පත් සාකච්ඡුාවක් පවත්වල කියනව හෙට වර්ජනය කරනව කියල.
මේ වර්ජනයේ ප්‍රෙක්ෂේකයින් නොවී ජනතාවටත් පුළුවන් ගෙදර ඉදල ම මේකට සහභාගි වෙන්න. කොහොම ද ගෙදර ඉදල ම සහභාගි වෙන්නෙ?

21 වෙනිදට කිසිම වෙළෙද භාණ්ඩයක් කිසිම වෙළෙදසලකින් මිල දි ගන්න එපා. අවශ්‍ය දේවල් කලින් ගෙනිහින් තියාගන්න.
පොදු ප්රවාහන සේවා පාවිච්චි කරන්න එපා.

වෙළෙදසල් සහ සාප්පු එදිනට වසා දමන්න.

කර්මාන්ත හිමියන් තමන්ගෙ කර්මාන්ත වහල ජනතාවට සහයෝගය ලබා දෙන්න.

මේ කිසිවක් කරන්න බැරිනම් අඩුම ගානෙ තමන්ගෙ ගෙදර කළු කොඩියක් දාන්න.

මේ වර්ජනය ජනතාව පේ‍්‍රක්ෂකයො නොකර ජනතාව සහභාගිකරගත හැකි වර්ජනයක් වෙන්නෙ එහෙම වුනොත් විතරයි.

අනික අපි ආණ්ඩුවට කියනව 21 වෙනිදට තියෙන්නෙ සංකේත වැඩවර්ජනයක් පමණයි. එය දැවැන්ත වැඩවර්ජනයක ආරම්භයක්.

අනෙක් කාරණය තමයි ජන මතය වනාහී ජන බලය නොවේ. එනිසා මෙය ජන බලයේ ප‍්‍රබලත්වය සංකේතවත් කරන අවස්ථාවක්.

No comments:

Post a Comment