Thursday 16 May 2013

වතු වෘත්තීය සමිති 21 වර්ජනයට එකතුවේ


අසාධාරණ ලෙස ඉහළ දමන ලද විදුලි ගාස්තු අහෝසි කරන ලෙස වෘත්තීය සමිති ඒකාබද්ධ කිරීමේ සම්බන්ධීකරණ කමිටුව මගින් ප‍්‍රකාශයට පත් කර ඇති 21 වැඩවර්ජනය සඳහා දායක වන බව ලංකා ජාතික වතු කම්කරු සංගමයේ ලේකම් වේලායුදන් පවසයි. විශේෂයෙන් 21 වන දින කළු දිනයක් ලෙස සලකා සෑම නිවසකම කළු කොඩි ඔසවා විරෝධතාවය පල කරන ලෙස ඔහු එහිදී ඉල්ලා සිටියේය. අද දින රාජගිරිය ජාතික වතු කම්කරු සංගම් ශ‍්‍රවණාගාරයේදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඔහු මේ බව පැවසීය. එම අවස්ථාව සඳහා ප‍්‍රජාතන්ත‍්‍රවාදී වතු කම්කරු කොංග‍්‍රසය  නියෝජනය කරමින් ශ‍්‍රියාණි ගුණරත්න මහත්මියද, සමස්ත ලංකා වතු කම්කරු සංගමය නියෝජනය කරමින් රාමලිංගම් චන්‍ද‍්‍රසේකර් සහෝදරයාද සහභාගී විය.

No comments:

Post a Comment