Wednesday 22 May 2013

මියන්මාරයේ සම්බාධක ඉවත්කිරීමට ඇමරිකාව සූදානම්

මියන්මාරටයට එරෙහිව පනවා ඇති සියළු සම්බාධක ඉදිරියේදී ඉවත්කිරීමට කටයුතු කරන බවට ඇමරිකානු ජනාධිපති බැරැක් ඔබාමා පවසා ඇත.

වසර 50 කට පසුව මියන්මාර ජනපතිවරයෙකුගේ ඇමරිකානු සංචාරයක් අරඹමින් ඇමරිකාවට පැමිණි මියන්මාර ජනපති තෙයින් සෙයින් මහතා හමුවෙමින් ඔබාමා ජනාධිපතිවරයා මේ බව පවසා ඇත.

ඔහු වැඩිදුරටත් එහිදී පෙන්වාදී ඇත්තේ දෙරට අතර සබඳතා තවදුරටත් ශක්තිමක් කිරීමට මියන්මාර ජනාධිපතිවරයාගේ ඇමරිකානු සංචාරය ඉවහල්වන බවයි.

ජාත්‍යන්තර මාධ්‍යය වාර්තා පෙන්වාදෙන්නේ මියන්මාර ජනාධිපතිවරයාගේ මෙම සංචාරය තුළදී මියන්මාරයේ ආර්ථිකය දියුණු කරගැනීම වෙනුවෙන් දේශපාලන ප්‍රතිසංස්කරණ වෙනුවෙන් ඇමරිකාව සමගින් තවදුරටත් සහයෝගයෙන් කටයුතු කිරීමේ අවස්ථාව උදාවනු ඇති බවයි.

No comments:

Post a Comment