Friday 31 May 2013

ඇමෙරිකාවේ රහසිගත දත්ත සොරාගත් බවට චීනයට චෝදනා

ඇමෙරිකාවට අයත් ප්‍රහාරක ගුවන්යානා, යුද නැව්, මිසයිල ආදී ගිනිඅවි පද්ධති දුසිමකට ආසන්න සංඛ්‍යාවක සැලසුම් නීතිවිරෝධී ලෙස චීනය විසින් සොරාගෙන ඇති බවට චෝදනා එල්ලව තිබේ. කෙසේ වුවද මේ සම්බන්ධයෙන් පෙන්ටගන් නියෝජිතයෙකු කියා සිට ඇත්තේ මෙම අනවසර දත්ත සොරාගැනීම් මගින් පෙන්ටගනයේ තාක්ෂණික බලපරාක්‍රමයට බලපෑමක් එල්ල නොවන බවයි.
සොරකම් කරනු ලැබූ ඇමෙරිකානු ගිනිඅවි නිර්මාණ සැලසුම් අතර, මතෛක් ඉදිකරන ලද මිලෙන් අධිකම ආයුධ පද්ධතිය ලෙස සැලකෙන F-35 ඒකාබද්ධ ප්‍රහාරක යානයද වන අතර, අර්බුද අවස්ථාවකදී ඇමෙරිකාවට එරෙහිව යොදා ගැනීමට ප්‍රමාණවත් තොරතුරු තොගයක් මෙම සොරාගැනීම මගින් චීනයට ලැබි ඇති බව කියැවේ.
සී.එන්.එන්.

No comments:

Post a Comment