Monday 27 May 2013

මාරාන්තික ඩෙංගු අභියෝගය ?මුණුබුරා තවමත් රෝහලේ..

රටපුරා  ඩෙංගු යළිත් හිස ඔසවන තත්වයක් උදාවි ඇතැයි මේ දිනවල මාධ්‍ය වාර්ථා විසින් හෙළිදරව් කරමින් තිබේ.
එසේ සිදුවන හැම අවස්ථාවකම පෝස්ටර් වලින් ඩෙංගු මර්ධනයට වැඩි දෙනෙක් මහන්සි වනු දකින අතර රටපුරා ක්‍රියාත්මක කළ යුතු ජාතික සැලැස්මක් මේ රජයට ඇතැයි අපට නම් නොපෙනේ.
රජයේ සහ පුද්ගලික අංශයේ සුපිරි ගනයේ රෝහල් බොහොමයක් තිබියදි රාජපක්ෂ පරපුරේ මාරාන්තික ඩෙංගු අවධානමකට ලක්වු දරුවෙකු රැගෙන ආවේ මීගමුව රෝහලටය.
මේ සටහන තැබෙන මොහොතේදි ඌව මහඇමති ශෂින්ද්‍ර රාජපක්ෂ මහතාගේ දරුවා මීගමුව රෝහලේ 8 වෙනි වාට්ටුවේ ප්‍රතිකාර ලබයි.
පසුගිය කාලය තුල මීගමුව රෝහල සම්බන්ධයෙන් මතුව තිබු අර්බුද හමුවේ මීගමුව සහ අවට ජනයා කියන්නට පුරුදුව සිටියේ අම්මෝ මීගමුවට නම් යන්න එපා රාගමට හෝ කොළඹට රැගෙන යන ලෙසය.
වෛද්‍ය නොසැලකිල්ල අරභයා සිදුව තිබු ප්‍රශ්ණ හේතුකොටගෙන මේ ආකල්ප ඒ ජනයා තුල පැතිර තිබුණා වන්නට පුළුවන.
එහෙත් ශ්‍රි ලංකා රජයේ කථානායකවරයාගේ මුණුබුරා රැගෙන ආවේ මීගමුව රෝහලේ ළමා වාට්ටුවටය.
ඒ ඇයි???
හේතුව වන්නේ මීගමුව ළමා වාට්ටුවේ සිටින විශේෂඥ වෛද්‍ය ලක්කුමාර මහතා ඩෙංගු රෝගයට ප්‍රතිකාර කිරිම සම්බන්ධයෙන් තායිලන්තයට ගොස් විශේෂඥ පුහුණුවක් ලැබු ශ්‍රි ලංකාවේ සිටින වෛද්‍යවරුන්ගෙන් එක් අයෙකු විමයි.
ඩෙංගු පාලනය කිරිම සම්බන්ධයෙන් ප්‍රවර්ධනය කළ යුතු ජාතික වැඩපිළිවෙලකදි මෙවන් විශේෂඥ පුහුණු තව තවත් වැඩිකිරිමේ ඇති වැදගත්කම  රාජපක්ෂ පාලනයට දැන්වත් තේරුම් යා යුතුව ඇත.
එසේ කරන්නට නම් සෞඛ්‍ය වෙනුවෙන්  සිදුකල යුතු වැය වැඩිකළ යුතව ඇත.
එපමණක් නොව ඩෙංගු මර්ධනය කිරිම සදහා යෙදිය යුතු ප්‍රතිකර්ම ලැබෙන කොමිස් කුට්ටිෙය් ප්‍රමාණය මත නොව ඒ නිෂ්පාදනයේ ඇති ගුණත්වය සහ රටට එහි ඇති වැදගත්කම මත තින්දු කළ යුතුව තිබේ.
ඩෙංගු රෝගය වැළදුන පවුල් වල අය මුහුණ දෙන ඒ මාරාන්තිකි ජිවිත අවදානම අත්විදින්නට සිදුවු පාලකයන් ඩෙංගු මර්ධනය කිරිම සදහා වු   සුදුසුම වැඩපිළිවෙලට දැන්වත්් යා යුතු නොවන්නේද?

No comments:

Post a Comment