Wednesday 5 June 2013

සීගිරිය රක්‍ෂිතයේ අක්‌කර 12000 ක්‌ වෘක්‍ෂලතා පනතෙන් බැහැර කිරීමේ වෑයමක්‌

 සංවර්ධන කමිටුවේ අනුමැතියත් ලබාගෙන

අක්‌කර 12600 ක වපසරියකින් සමන්විත සීගිරිය අභයභූමි රක්‍ෂිතයේ ඉඩම් අක්‌කර 11,000 ක්‌ වන සත්ව හා වෘක්‍ෂලතා ආරක්‍ෂක පනතෙන් බැහැර කිරීම සඳහා අවශ්‍ය මූලික පිඹුරුපත් සැකසීම රජය මේ වන විට ආරම්භ කර ඇති බවට තොරතුරු අනාවරණය වේ.

පසුගියදා මාතලේ දිස්‌ත්‍රික්‌ සංවර්ධන කමිටු රැස්‌වීමට ඉදිරිපත් කළ යෝජනාවකින් මෙම ව්‍යාපෘතියට අනුමැතිය ලබාගෙන තිබෙන අතර සීගිරිය ප්‍රදේශයේ සංවර්ධන කටයුතුවලට අභයභූමි රක්‍ෂිතයේ මායිම් හා වනජීවී අණපනත් බාධාවක්‌ වී ඇතැයි පවසමින් මෙම යෝජනාවට අනුමැතිය ලබාගෙන ඇති බවට තොරතුරු වාර්තාවේ.

ඒ අනුව පොළොන්නරුව වනජීවී සහකාර අධ්‍යක්‍ෂ යූ. එල්. ගව්µsක්‌ මහතාගේ අත්සනින් යුතු උපදෙස්‌ මත දඹුල්ල ප්‍රාදේශීය ලේකම්, මාතලේ මිනින්දොaරු අධිකාරි, ඉඩම් පරිහරණ නිලධාරිනී සම්බන්ධ වී ක්‍ෂේත්‍ර පරීක්‍ෂණයක්‌ ඉකුත් වසරේ නොවැම්බර් මාසයේ සිදුකර ඇත.

පදිංචිකරුවන්ගේ ගැටලු නිරාකරණය කිරීමට සීගිරිය අභයභූමියේ මායිම් වෙනස්‌ කිරීමේ යෝජනාවට අනුව පුරාවිද්‍යාත්මක හා ඓතිහාසික වටිනාකමකින් යුත් සීගිරිය ආලකමන්දාවට අයත් ප්‍රදේශය හා වල් අලින්ගේ සංක්‍රමණික ප්‍රදේශයක්‌ ලෙස අක්‌කර දහසක පමණ භූමියක්‌ හැර සෙසු භූමිය අභයභූමි රක්‍ෂිත මායිමෙන් බැහැර කිරීමට අවශ්‍ය සිතියම්ගත කිරීම් සිදුකර අවසන් බවට තොරතුරු අනාවරණය වේ.

ජාතික රක්‍ෂිත භූමියක හෝ අභයභූමියක හෝ වල් අලි කළමනාකරණ රක්‍ෂිතයක හෝ මායිම් වෙනස්‌ කිරීම හා රක්‍ෂිතය අහෝසි කරන අවස්‌ථාවකදී ඒසම්බන්ධයෙන් අධ්‍යයනයක්‌ කළ යුතු අතර එම යෝජිත වෙනස්‌කමෙන් සිදුවිය හැකි පාරිසරික බලපෑම් පිළිබඳ විමර්ශනයක්‌ සිදු කළ යුතු වුවත් එවන් මූලික පාරිසරික සමීක්‍ෂණ වාර්තාවකින් තොරව මෙම සිතියම්ගත කිරීම සිදුකර ඇති බව වනජීවී අංශ සඳහන් කරයි.
 


No comments:

Post a Comment