Wednesday 5 June 2013

ජාතික ඉතිරි කිරීමේ බැංකු ඉතිහාසයේ ප්‍රථම වතාවට කාන්තාවක් සභාපති තනතුරට

ජාතික ඉතිරි කිරීමේ බැංකු ඉතිහාසයේ ප්‍රථම වතාවට කාන්තාවක් සභාපතිවරියක්‌ ලෙස පත්වෙමින් ඩබ්. ඒ. නාලිනී මෙනෙවිය කොළඹ 03, කොල්ලුපිටිය ජාතික ඉතිරි කිරීමේ බැංකු මුලස්‌ථානයේදී සුබ මොහොතින් වැඩ භාර ගැනීම ඊයේ (04) උදෑසන සිදු විය.

නව සභාපතිනිය කලක්‌ ලංකා බැංකුවේ මහා කළමනාකාරිණිය වූ අතර, නව පත්වීම ලැබූ නාලිනී මෙනවිය සුබ හෝරාවට රාජකාරී ලියෑවිල්ලකට අත්සන් තැබූ අයුරු. (ඡායාරූපයේ වමේ සිට) ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ ප්‍රධාන විධායක නිලධාරී සහ සාමාන්‍යාධිකාරී එච්. එම්. හෙන්නායක බණ්‌ඩාර, අධ්‍යක්‍ෂ හේම මාදිවල, ක්‍රියාකාරී අධ්‍යක්‍ෂ සුමනදාස අබේගුණවර්ධන, නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී කේ. රවීන්ද්‍රන් සහ අතිරේක සාමාන්‍යාධිකාරී ටී. එම්. කේ. බණ්‌ඩාර යන මහත්වරුද වෙති.

No comments:

Post a Comment