Wednesday 5 June 2013

පානදුර පොලිසිය;- සුරෙශ්ව නිරුවත් කර කෘර වදයට ලක්කරයි

2013.05.25 සුරෙශ්ව පානදුර පොලිසිය මගින් අත්අඩංගුවට ගැනිණි. මිට පෙරද සුරෙෂ්ට පොලිසියෙන් තර්ජන තිබිණි. එනම් ආයෙත් උබෙන් වැරැද්දක් අවොත් තෝ අපිට වෙඩි තියන්න ආවා කියලා මරලා ගගේ දානවා ආදී වශයෙනි. අත්අඩංගුවට ගැනීමෙන් පසුව ඔහුව නිරුවත් කර අමානුෂික වදහින්සාවට පාත්‍ර කරන ලදී. ඔහු පොලිසියේ සිටියදී ඔහුගේ බිරිදවද පොලිසියේ උඩ තට්ටුවට ගෙනවිත් ප්‍රශ්න කර තිබේ. පසුව ඔහුව පොලිස් ඇප මත මුදා හැර ඇත. ඉන්පසු පානදුර මුලික රෝහලේ අංක 01 වාට්ටුවේ ප්‍රතිකාර ලැබූ අතර අදිකරණ වයිද්‍ය නිලදාරී විසින් පරික්ෂා කර තිබේ. ඔහු මේ පිලිබදව 2013.05.28 දින මානව හිමිකම් කොමිසමට ,පොලිස්පතිට සහ නීතිපතිට ලිකිතව පැමිණිලි කළේය. එම පැමිණිල්ල පහතින් දැක්වේ.

                                                                  නම;- සුරේෂ් කුමාර පෙරේරා
 වයස;- 28 
රැකියාව;- කුලී වැඩ 
 ලිපිනය;- 18/39, ලෙස්ලි ගුනවර්දන මාවත, පින්වත්ත, පානදුර
01. සභාපති,
    මානව හිමිකම් කොමිෂන් සභාව,
    165, කිංසි පාර,
    කොළඹ 08.
02. පොලිස්පති
     පොලිස් මූලස්ථානය,
     කොළඹ.
03. නීතිපති,
     නීතිපති දෙපාර්තමේන්තව,
     කොළඹ.
නීති විරෝධී ලෙසට අත්අඩංගුවට ගෙන, රඳවා තබාගෙන, කෲර වධහිංසා, අමානුෂික හා අවමන් සහගත සැලිකිලි හා දඬුවම් වලට භාජණය කිරීම.
ගමගේ සුරේෂ් කුමාර පෙරේරා, අවු: 28, ජා.හැ.අ.842091608ඪ, කුලී වැඩ.
ලිපිනය : 18/39, ලෙස්ලි ගුණවරධන මාවත, පිංවත්ත, පානදුර.
2013.05.28 දිනදීය.
01. 2013 මැයි මස 11 දින, මැදියම් රාත‍්‍රියේදී පොලිස් නිලධාරීන් පස්දෙනෙකුට වැඩි පිරිසක් ගේ වට කර, ෙදාරට තට්ටු කලා. පොලිසියෙන් ෙදාර ඇරපන් යයි කිව්වා. මම ෙදාර ඇරගෙන එළියට එනකොට, මම වාද්දුව පොලිසියේ  ඕ.අයි.සී කියා සිවිල් ඇඳුමින්, බෙල්ලට කොලරයක් දමා තිබූ අය පවසා, උඹ පිංවත්තේද කියා මගෙන් ඇහුව්වා.
02. ඔහු මගෙන් ඇහුව්වා කුලියට නේද ඉන්නේ කියා. මම නැහැ, මේක මගේ තාත්තාගේ මහ ගෙදර කිව්වා. එවිට ඔහු මගෙන් හැදුනුම්පත තියෙනවාද කියා අසා, උදේ 9.00ට පොලිසියට එන්න කිව්වා. මම ඔහුට කිව්වා, දැන් එන්න පුලූවන්, උදේ 9.00 එන්න බැහැ, වැඩට යන්න තියෙන නිසා කියා. මම කිව්වා සවස 5.00 එන්න පුලූවන් කියා. මට 5.00 ට වරෙන් කියා, මගෙන් ඇහුවා මොනවද කරන්නේ කියා. මම කිව්වා කුලී වැඩ කියා. ඔවුන් යන්න ගියා. ඔවුන් පැමිණ සිටියේ ජීප් රථයෙන්.
03. 2013.05.11, සවස 4.30 පමණ, මමත්, බිරිඳ වන සන්ධ්‍යා ගීතාංගනී ත් පොලිසියට ගියා. අපිට පොලිසියේ අයෙක් කිව්වා වාඩිවෙලා ඉන්න කියා.
04. සවස 5.30 පමණ ස්ථානාධිපති ආවා. ඔහු හිටියේ හොඳටම බීලා. ඔහු එන විට අපි නැගිට සිටියා. ඔහු ”උඹ ආවාද, පිංවත්තේද” කියා ප‍්‍රකාශ කරමින්් බැන වැදුනා. ඔහු මට තර්ජණය කලා, ”මීට පස්සේ, හයෙන් පස්සේ ගෙදරින් යනවානම් ගෑණිට කියලා යන්න  ඕනා”  කියමින්. මගේ බිරිඳට ඇගිල්ල දික්කරලා කිව්වා, අපි එනකොට මිනිහා ගෙදර හිටියේ නැතිනම් ”බඩකරනවා” කියා බිරිඳට තර්ජණය කලා. ඔහු සිටියේ සිවිල් ඇඳුමින්.
05. ඉන් පසු එතැන සිටි පොලිස් නිලධරියෙකුට කතා කොට, මගේ ෆින්ගර් මාක් අරගෙන, කට උත්තරය අරන් යවන්නැයි කිව්වා. මමත් බිරිඳත් ඉස්සරහා වාඩිවෙලා හිටියා. විනාඩි 15කින් නිල කාමරයේ සිට, මුගෙන් කවුරුත් ගත්තේ නැද්ද කියා අසමින්, අපි දෙන්නාට දැන් යන්න කිව්වා. අප යන්න හදන කොට, ඔහු මට කිව්වා ”ආයෙත් උඹෙන් වැරැුද්දක් ආවොත් තෝ අපිට වෙඩි තියන්න ආවා කියලා මරලා ගෙඟ් දානවා”කියා තර්ජණය කලා. එයින් පසුව දින කිහිපයක්ම , රාත‍්‍රීයේ මා ගෙදර ඉන්නවාදැයි බලන්න ඇවිත් තිබෙනවා. නමුත් මගෙන් ප‍්‍රශ්ණ කලේ නැහැ.
06. 2013.05.25 දින, මා ඥතීන් පිරිසක් සමග, මුහුදු වෙරලේ සිට, නිවස බලා එන අතර, රේල් පාර පසු කරනවාත් සමග, බුදු පිළිමය අසල නවතා තිබූ යතුරු පැදියේ සිටි දෙන්නෙක් මට කතා කර ”උඹ හංකොටුවේද, පිංවත්තේද” කියා අසා මම ”ඔව්” කිවූ විට, ”උඹ සුදු සුරයාද” කියා ඇසුවා. මම ”නැහැ, මම සුරේෂ්” කිව්වා. එවිට පොලිසියට යන් කිව්වා. මම කිව්වා ගෙදරට කියලා එන්නම් කියා. එවිට එක් අයෙක් මගේ ෂර්ට් කොරළයෙන් අල්ලා ඇද අපි කියන්නම් කියා, ඔවුන් පැමිණි යතුරු පැදියේ මැද තබාගෙන පිටත් වුනා. එ් අසල සිටි මාගේ මිත‍්‍රයෙකුට කිව්වා ගෙදරට කියන්න කියා. ඔවුන් කිව්වා පානදුරේට අරන් යන්නේ කියා කියන්න කියලා.  
07. පසුව මම දැනගත්තා, නිලධාරියෙක් අපගේ නිවසට ගොස්, මාගේ ආච්චිගෙන් මා ගැන අසා තිබූ බව. ඔහු තමා පස්මං හංදියේ අනිල් බව කියා තිබෙනවා.
08. මාව යතුරු පැදියේ තබාගෙන, පස්මං හංදිය අසල පිහිටි පාලම ලඟට ගෙනවිත්, නවත්වා, පාරෙන් ඉවතට ගෙන මට කිව්වා තල්පිටියේ ගෙයක් බිඳලා තියෙනවා, ලක්ෂ 10ක බඩු නැතිවෙලා තියෙනවා, උඹ තමයි කරලා තියෙන්නේ, බඩු දියන් කියමින් මට පහර දුන්නා. මට පහර දුන්නේ අතින් පයින් හා අසල ගසකින් කඩා ගත්තු පොල්ලකින්. එතැන මාව දහවල් 11.30 පමණ වනතෙක් තබාගෙන හිටියා. මාව ගඟට දාන බවට තර්ජණය කලා. නැවත, මාව යතුරු පැදියේ මැද තබාගෙන වාද්දුව පොලිසියට ගෙන ආවා. යතුරු පැදිය පොලිසියේ පිටුපස පැත්තට ගියේ. මාව බැස්සුවා.   
    
09. එතැනට පැමිණි අපරාධ අංශයේ සිල්වා මහතා නැමැති අය මාව අතින් අල්ලා පොලිසියේ උඩ තට්ටුවට ගෙන ගියා. මාව එහි කාමරයකට ගෙන ගියා. එහි ඇඳන් හතරක් විතර තිබුනා. කබඞ් තිබුනා. ඇඳුම් එල්ලා තිබුනා. මාව එම කාමරයේ පළමු හා දෙවන ඇඳ අතර තියා ඇඳුම් ගලවන්න කිව්වා. මම ගැලෙව්වා. මාව සම්පූර්ණයෙන් නිරුවත් කලා. ඉන්පසු වාඩි කරවා -වැදගනින් කිව්වා. ඊට පසු අත්දෙක රෙදිපටියකින් ගැට ගැසුවා. ඉන්පසු, බඩු දියන් කියමින් අතින් පයින් ගැහැව්වා. එසේ පහරදීමෙන් අනතුරුව මූට මෙහෙම ගහලා හරියන්නේ නැහැ කිව්වා. එසේ පහර දුන්නේ සිල්වා මහත්තයා කියන අය. මට පහර දීමට සිල්වා නැමැති නිලධාරියා සමග තවත් පස්දෙනෙකු එකතුවී සිටියා.
10. එසේ පහර දෙන අවස්ථාවේ, සිල්වා නැමැති නිලධාරියා එතැන සිටිය අයට කිව්වා ගෙදරින් ආවොත් එහෙම එකෙක් ගෙනාවේ නැහැ කියලා කියන්න කියා.
11. එසේ පහරදීමෙන් අනතුරුව, එක් අයෙක් බැටන් පොල්ලක් හා කොච්චි කොටා ගෙනවිත්, මට කිව්වා අත්දෙක උස්සා ගනින්, කකුල් දෙක දිගඇරපන් කියා. එක් අයෙක් යටිපතුල් පයින් නවා, අනෙක් කෙනා බැටන් පොලේලෙන් යටි පතුල් වලට ගැහුව්වා. මට කෑගහන්න බැරිවෙන්න එක් අයෙක් මගේ පිටිපස්සෙන් සිට දනිස් වලින් ඔලූව හිර කරගෙන සිටියා. මගේ ඇගෙන් දහඩිය වැක්කෙරෙන්න පටන් ගත්තා. එ් වෙලාවේ අත් දෙක ලිහිව්වා. මට පැය 1/2 විතර නිදහසේ බිම වාඩිවෙලා ඉන්න ඉඩ දුන්නා. 
12. මට පහර දෙන අවස්ථාවේ මගේ නම, ගම, ලිපිනය, පවුලේ තොරතුරු, මා යන්නේ කොහේද ආදී පුද්ගලික විස්තර ඇහුව්වා. එක් අයෙක් එ්ව ලියා ගත්තා. එසේ ලියාගත් නිලධාරියා ගෑණිත් එක්ක දවසට කී පාරක් බුදියනවාද , කාමරේ කවුද ඉන්නේ ආදී දේ විමසුවා. මම උත්තර නොදී නිහඬව සිටියා. මේ තුල මා දැඩි මානසික පීඩනයකට පත්වුනා.
13. ඊට පස්සේ ඇඳුම් ඇදගන්න කියා පහල තට්ටුවට ගෙනවිත් කූඩුවට දැම්මා. ටික වේලාවකින්, කූඩුව ඉදිරිපිට සිටිය රිසව් එකේ නිලධාරීන් දුරකථනයෙන් අනුර කියා කෙනෙකුට කතා කොට – ඔයගොල්ලො හොයන එක්කෙනා ගෙනාවා කිව්වා. පසුව මම දැනගත්තා එම පණීවුඩය මා ගැන දීපු එකක් බව.
14. ඉන් පසු මගේ බිරිඳ වන සන්ධ්‍යා ගීතාංගනී, මගේ සොහොයුරා වන සුරංග සෞම්‍යසිරි, පියා වන සුසිල් පෙරේරා මාව බලන්න ආවා. ඔවුන් මට කෑම ගෙනවිත් දුන්නා. රාත‍්‍රියේ කූඩුවේ සිටියා.
15. ඊට පසුදින (26දා* දහවල් 1.30 ට පමණ මාව මුදාහරින බව ප‍්‍රකාශ කලා. රිසව් එකේ ඉන්න එක්කෙනා ඇප කොලයක් ගෙන්න කියා, එයට මගේ සොහොයුරා වන සුරංග සෞම්‍යසිරි ගේ අත්සන ගත්තා.
16. ඊලඟට පොතකට මගේත්, සොහොයුරාගේත්, අත්සන් ගත්තා. ලියා තිබුන දේ පැහැදිලි කලේ නැහැ. රිසව් එකේ නිලධාරීවරයා ගෙදර අයට යන්න කිව්වා. මාව යලිත් කූඩුවට දැම්මා. සවස හතරට පමණ රිසව් එකේ නිලධාරීවරයාගෙන් ඇහුව්වා මට යන්න දෙනවාද කියා. ඔහු කිව්වා සිල්වා මහත්තයා යවන්න එපා කියලා තියෙනවා කියා. සිල්වා මහත්තයා තවත් කටඋත්තරයක් ගන්න තියෙනවා කිව්වා.
17. රාත‍්‍රී 7.00ට පමණ, සිල්වා මහත්තයා පැමිණ කූඩුව ඇර මාව එළියට අරන් බිත්තියට හේත්තු කර, ඔහුගේ ජංගම දුරකථනයෙන් මගේ පිංතූර ගත්තා. ඉන්පසු මාව පිටුපස කාමරයකට ගෙන ගියා. එහි තිබූ මේසයක් ලඟ පුටුවක වාඩි කර, මේස කකුලට මගේ කකුල තියා මාංචු දැම්මා. 
18. එහිදී යලිත් මගෙන් ප‍්‍රශ්ණ ඇහුව්වා. මගේ කම්මුලට ගැහුව්වා. අතින් පයින් ගැහුව්වා. රාත‍්‍රී 10.00 ට පමණ ගෙනවිත් කූඩුවට දැම්මා. උදේ 8.30 ට පමණ මාගේ බිරිඳ හා දරුවා මාව බලන්න පැමිණ සිටියා.
19. රිසව් එකේ නිලධාරී, සිල්වා මහතාගෙන් ගිහින් අරූගේ ගෑණියි ළමයයි ඇවිල්ලා ඉන්නවා කිව්වා. ඔහු ඌව යවපන් කිව්වා. එ් වෙලාවේ ඔහු හිටියේ සරමක් ඇදගෙනයි.
20. පසුව දැනගත්තා , පෙරදින රාත‍්‍රීයේ 7.30 පමණ මාගේ බිරිඳව උඩ තට්ටුවට ගෙන ගොස් ප‍්‍රශ්ණ කල බව.
21. මා ගෙදර පැමිණ, එ් අවස්ථාවේම පානදුර මූලික රෝහලට පැමිණියා. එහිදී මට වාද්දුව පොලිසිය පහරදුන්න බව ප‍්‍රකාශ කලා. මාව එහි 01 වාට්ටුවට ඇතුලත් කලා.
22. අද (28 දින* උදේ 10.30ට පමණ රෝහල් පොලිසිය මගෙන් විස්තර ඇහුව්වා. ඔහු මොනවද ලියා ගත්තා. මගෙන් අත්සන් ගත්තේ නැහැ. ඉන් පසු මාව අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා ලඟට ඉදිරිපත් කලා. මම සියලූ විස්තර අධිකරණ වෛද්‍ය නිලධාරීවරයාට ප‍්‍රකාශ කලා. ඔහු විස්තර ලියා ගත්තා. අද දින (28* දහවල් 12.00 ට මම රෝහලෙන් ටිකට් කපා පිටවුනා.
මා ඉල්ලා සිටින්නේ, 
වාද්දුව පොලිසියේ – ස්ථානාධිපති හා අපරාධ අංශයේ සිල්වා නැමැති නිලධාරීවරයා ඇතුලූ නම නොදන්නා මුත් දුටුවොත් අඳුනාගත හැකි නිලධාරීන් පිරිසක් මාව,
1. නීති විරෝධීව අත්අඩංගුවට ගෙන,
2. නීති විරෝධීව රඳවා තබාගෙන,
3. වධහිංසාවට, කෲර අමානුෂික අවමන් සහගත සැලකිලි හා දඬුවම් වලටද,
4. මාගේ බිරිඳ වන සන්ධ්‍යා පෙරේරා හා මාව ලිංගික අපයෝජනයට ලක්කිරීම මගින්,
මා හා මාගේ බිරිඳ වන සන්ධ්‍යා පෙරේරා ගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝණය කිරීම සහ අපරාධයක් කිරීම සම්බන්ධයෙන් නීතිමය හා විනයානුකූල පියවර ගන්නා ලෙසටය.
                                                                                    ජී. සුරේෂ් කුමාර පෙරේරා

No comments:

Post a Comment