Wednesday 12 June 2013

ලොව වයස්ගතම මිනිසා සමුගනී 127 ආදාහනයට නැකතක් එනතුරු සිටී


ලෝකය බිහිවූ දා සිට ජීවත්වූ වයස් ගතම මිනිසා ඇය බවයි චීනය පවසන්නේ. නමුත් නිළ වාර්තාවල ඇයගේ නම සඳහන් නොවේ. කෙසේවෙතත්, අවුරුදු 127 ක් ජීවත් වූයේ යැයි කියන චීනයේ Luo Meizhen නැමති ආච්චි අම්මා මියගිය බව ප්‍රංශ පුවත් සේවය වාර්තා කරයි.
මෙහිදී, විශේෂය වන්නේ ඇයගේ දේහය ආදාහනය කිරීම සඳහා නැකැත් දිනයක් එනතුරු බලා සිටීමයි. ප්‍රංශ පුවත් සේවය පවසන පරිදි අදාළ නැකැත් දිනය මේ මාසය අවසානයේදී යෙදී තිබෙන නිසා ඇය උපන් ගම්මානය ආසන්නයේ දේහය මේ වනවිට තැන්පත් කර ඇත.
ඇය ලෝකයේ වැඩිම කාලයක් ජීවත් වූ පුද්ගලයා ලෙස ලෝකය පිළි ගැනීමට සූදානම් නැත්තේ ඇය ඉපදුණු සමයේ චීනයේ විධිමත් උප්පැන්න සහතික ක්‍රමයක් නොමැතිවීම නිසා බව වාර්තා වේ.
ඡායාරූපවල සිටින්නේ ඇයයි.

No comments:

Post a Comment