Monday 10 June 2013

සතියක් තුල සරසවි සිසුන් 138 කගේ පංති තහනම්: සියල්ල 250 යි: ඉතිහාසයේ දැවැන්තම ශිෂ්‍ය මර්දනය අරඹලා--


නිදහස් අධ්‍යාපනය කප්පාදු කිරීම සිය ප්‍රතිපත්තිය කරගෙන ඇති ආණ්ඩුව එයට එරෙහි වන ශිෂ්‍ය සංගම් හා ශිෂ්‍ය කි්‍රයකාරිකයන් මර්දනය ඉතිහාසයේ කෙදිනක හෝ නොතිබූ ලෙස වේගවත් කර ඇත. ඒ අනුව මේ වනවිට ශිෂ්‍යයන් 250 කගේ පමණ පංති තහනම්කර ඇති අතර ශිෂ්‍ය සංගම් 6 ක් තහනම් කර ඇත. පසුගිය සතිය තුල පමණක් පංති තහනමට ලක්වූ ශිෂ්‍යයන්ගේ සංඛ්‍යාව 138 කි. 1978 අංක 16 දරණ විශ්වවිද්‍යාල පනත අනුව ශිෂ්‍යයින්ට හිමි ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකමක් වූ ශිෂ්‍ය සංගම් පවත්වාගෙන යාම ආණ'ඩුව විසින් අහිමිකරමින් සිටී. ශී්‍ර ජයවර්ධනපුර, කැළණිය, කොළඹ, බෞද්ධ හා පාලි යන විශ්වවිද්‍යාලවල මහා ශිෂ්‍ය සංගම් පිහිටුවීම ඒවායේ පාලනාධිකාරීන් විසින් දිගින් දිගටම ප්‍රමාද කරමින් ඇත. 

නලින්ද ජයතිස්ස
ජාතික සංවිධායක -සමාජවාදී ශිෂ්‍ය සංගමය

  පසුගිය ජූනි 01 දා සබරගමුව විශ්වවිද්‍යාලයේ සිසු සිසුවියන්ට ආණ'ඩුව පොලීසිය, හමුදාව හා විශේෂකාර්ය බලකාය යොදවා අමානුෂික ප්‍රහාරයක් එල්ලකලේය. සිසුන් 60 කට අධික ප්‍රමාණයක් තුවාල ලැබූ අතර 27 ක් රෝහල්ගත කරන ලදි. සිසුන් 10 ක්, ගම්වැසියන් 2 ක්, අනධ්‍යයන සේවකයෙක් අත්අඩංගුවට ගැණින. සිසුන් උද්ඝෝෂණය කලේ ශිෂ්‍ය නායකයන් 05 දෙනෙකුට පනවා ඇති පංති තහනම හා තම ශිෂ්‍ය සංගම්වලට පනවා ඇති තහනම ඉවත්කරන ලෙස ආණ්ඩුවට බලකරමිනි. සබරගමුව විශ්වවිද්‍යාලයට බඳවාගන්නා ශිෂ්‍ය ප්‍රමාණය 35% න් කප්පාදුකිරීම, සිසුන්ගේ ලියාපදිංචි ගාස්තු 500% න් ඉහලදැමීම, එහි පිහිනුම් තටාකය බදුදීම ඇතුලූ අධ්‍යයන හා සුබසාධන ප්‍රශ්න 12ක් මුල් කරගෙන පසුගිය ජනවාරි මාසයේ සිට උද්ඝෝෂණය කරමින් තිබුණි. ඒවාට නෑසූකන්ව සිටි සබරගමුව පාලනාධිකාරිය එස්.බී.දිසානායක ඇමතිවරයා ගේ ප්‍රධානත්වයෙන් ප්‍රෝඩාකාරී විවෘතකිරීමේ උත්සවයක් පැවැත්වීවට ගියවිට සිසුන් එය වර්ජනය කලේය. අධ්‍යාපන පෞද්ගලීකරණයට ඉඩ සලසාගැනීමටත්, ඇමතිවරයාගේ කෝපය පිටකර ගැනීමටත් සිදුකලේ ශිෂ්‍ය සංගම් තහනම්කිරීම හා සිසුන් 05කගේ පංති තහනම්කිරීමයි. මේ සිසුන්ට විභාග අයිතිය ඉල්ලා සිටි සිසුන්ට ආණ්ඩුවේ ප්‍රතිචාරය වූයේ තවත් 47 කගේ පංති තහනම් කිරීමයි.

ශී්‍ර ජයවර්ධනපුර වෛද්‍ය පීඨයේ ඇති වූ තත්ත්වය ද මීට දෙවෙනි නොවේ. රුපියල් ලක්ෂ 75 බැගින් මුදලට එම පීඨයේ උපාධි විකිණීම ආණ්ඩුව අරඹා ඇත. පීඨයේ මුළු ශිෂ්‍ය ප්‍රමාණයෙන් 25% ක් මුදලට විකිනීමට නියමිතය. ලංකාවේ උසස්පෙළ සමත්ව ලකුණු 1-2 ක් පමණක් මදිවීම නිසා වෛද්‍ය පීඨ වරම් අහිමි වූ දහස් ගණනක් සිටියදී ආණ්ඩුව මුදලට උපාධි විකිණීමට එරෙහිව පසුගිය ජූනි 05 දා ශී්‍ර ජයවර්ධනපුර වෛද්‍ය පීඨ ශිෂ්‍ය සංගමය උද්ඝෝෂණයක් පැවැත්වීය. පෞද්ගලික කටයුත්තක් සඳහා ඒ අසලින් යමින් සිටි එස්.බී.දිසානායක ඇමතිවරයා එය දැක කෝපයට පත්ව සිය සට්ටැඹි උපකුලපතිවරයා ලවා සිසුන්ට අසභ්‍ය ලෙස බැණවැදී ඇත. රාජ්‍ය විශ්වවිද්‍යාලවල උපාධි විකිණීමේ වැඩපිලිවෙලට ඉඩ සලසාගැනීමටත්, ඇමතිවරයාගේ කෝපය පිටකර ගැනීමටත් සිදුකලේ ශිෂ්‍ය සංගම් නියෝජිතයන් 13 දෙනාද ඇතුලූ සිසුන් 21කගේ පංති තහනම්කිරීමයි. 1991 ඇරඹි ශී්‍ර ජයවර්ධනපුර වෛද්‍ය පීඨයේ සිසුන්ට පංති තහනමක් පැනවූ පලමු අවස්ථාව මෙයයි.

මෙම සිදුවීම් දෙකෙන්ම පෙන්නුම් කරන්නේ ආණ්ඩුව රාජ්‍ය විශ්වවිද්‍යාල අඩපණ කිරීමේ සිය මෙහෙයුම වේගවත් කරඇති බවයි. රාජ්‍ය විශ්වවිද්‍යාල උපාධි විකිණීම, ඒවායේ දේපල බදුදීම, මුදලට සිසුන් ඇතුලත් කරගැනීමට ඉඩ සලසමින් බඳවාගන්නා ශිෂ්‍ය ප්‍රමාණය කප්පාදුකිරීම එහි කි්‍රයාත්මක පියවරයන්ය. දැන් විශ්වවිද්‍යාලවල ඉගෙනගන්නා සිසුන් උද්ඝෝෂණය කරන්නේ තමන් වෙනුවෙන් නොවේ. නිදහස් අධ්‍යාපන වරම සිය අනාගත පරම්පරාවටද උරුමකර දීමටය. නිදහස් අධ්‍යාපන ඉනිමගේ ඉහලට නැග දේශපාලනයට පිවිස හම්බකරගත' මුදලින් සිය දරුවන් විදේශ විශ්වවිද්‍යාලවලට යැවූ එස්.බී.දිසානායක ඇමතිවරයාට රාජ්‍ය විශ්වවිද්‍යාලවල සිසුන් පෙනෙන්නේ තම උපන්ගෙයි සතුරන් ලෙසිනි. ඔහු තම වෛරී දේශපාලනය සිසුන් මත මුදාහරිමින් සිටියි.

රාජ්‍ය විශ්වවිද්‍යාල නාශක ආණ්ඩුවෙන් හා එය කි්‍රයාත්මක කිරීම කරගසා සිටින එස්.බී.දිසානායක ඇමතිවරයාගෙන් මේ රටේ ඉතිරිව ඇති නිදහස් අධ්‍යාපනයේ අංශ= මාත්‍රය හෝ රැකගැනීමට පෙරට එනලෙස අපි සියළු දෙනාට ඇරයුම් කර සිටිමු. මේ අවස්ථාවේ ශිෂ්‍ය ව්‍යාපාරය හුදෙකලා කළහොත් එය ඉතිහාසය කිසිදා සමාව නොදෙන වරදක් වනු ඇත
.

නලින්ද ජයතිස්ස
ජාතික සංවිධායක -සමාජවාදී ශිෂ්‍ය සංගමය

No comments:

Post a Comment