Sunday 9 June 2013

මරන 18යි, අතුරුදන්වීම් 36යි

සැඩ සුළඟින් යාත්‍රා අනතුරට ලක්වී ධීවරයින් 18 දෙනෙකු මියගොස් ඇති බවත් ගාල්ල, කළුතර, කොළඹ හා මීගමුව ප්‍රදේශවලින් මුහුදු ගිය යාත්‍රා 37ක් සහ ධීවරයින් 36 දෙනෙකු අතුරුදහන් වී ඇති බවත් ධීවර කටයුතු නියෝජ්‍ය අමාත්‍ය සරත් කුමාර ගුණරත්න මහතා පවසයි.
නි‍යෝජ්‍ය අමාත්‍යවරයාගේ සංඛ්‍යා ලේඛන වැරදි බව තහවුරු කරමින් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසන්නේ අයහපත් කාලගුණය හේතුවෙන් ධීවරයන් 07දෙනකු ඇතුළු අට දෙනෙක් මියගොස් 41දෙනකු අතුරුදන්ව ඇතැයි බවත් 22ක් රෝහල්ගතව ප්‍රතිකාර ලබන බවත් ධීවර යාත්‍රා 30 ක් මේ දක්වා සොයාගැනීමට නොහැකිවී ඇති බවත්ය.
දිසාපතිවරුන්ගේ සංඛ්‍යාලේඛණ අනුව නිවාස 68 ක් පූර්ණ හානියට පත්ව ඇති අතර අර්ධ හානි සිදුවූ නිවාස සංඛ්‍යාව 1500ට අධිකය. ගාල්ල දිස්ත්‍රික්කයේ නිවාස 31ක් පූර්ණ හානි සිදුව ඇති අතර 865කට අර්ධ හානි සිදුව තිබේ. කළුතර දිස්ත්‍රික්කයේ පූර්ණ හානි සිදුවූ නිවාස සංඛ්‍යාව 19කි. අර්ධ හානි සිදුවූ නිවාස 600කි. මාතර දිස්ත්‍රික්කයේ නිවාස 18ක් පූර්ණ හානි සිදුව ඇති අතර නිවාස 108ට අර්ධ හානි සිදුව ඇත. රත්නපුර දිස්ත්‍රික්කයේ අර්ධ හානි සිදුවූ නිවාස සංඛ්‍යාව 50කි.
මහ වැසි හේතුවෙන් ලක්ෂපාන, කැනියොන් හා විමලසුරේනද්‍ර ජලාශවල වාන් දොරටු විවෘතකැර ඇති අතර  කැළණි ගඟ, කළු ගඟ, ගිං ගඟ, නිල්වලා ගඟ, බෙන්තර ගඟ හා රත් ග‍ඟෙහි ජල මට්ටම ඉහළ යමින් තිබෙන බවද ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.
කාලගුණ විද්‍යා දෙපාර්‍තමේන්තුව සඳහන් කරන්නේ තවදුරටත් මෝසම් සුළං හේතුවෙන් ඉදිරි පැය 24 තුළද දිවයිනේ බස්නාහිර, සබරගමුව, ඌව, මධ්‍යම සහ දකුණු පළාත් වලට තද වැසි බලාපොරොත්තු විය හැකිබවය.

                                                           උපුටා ගැනිම  lankatruth.com

No comments:

Post a Comment