Sunday 9 June 2013

ජපුරෙ උපකුලපති සිසු ජීවිත විනාශ කර එස්. බී. තෘප්තියට පත් කරන එහෙයියෙක්.

ජයවර්ධන පුර විශ්වවිද්‍යාලයේ උපකුලපතිවරයා එස්. බී. දිසානායක ඇමතිවරයාගේ සට්ටැඹියෙකු බවත් ඇමතිවරයා සතුටුකරීමට ඔහු සිසු ජීවිත විනාශකරන බවත් සමාජවාදී ශිෂ්‍ය සංගමයේ ජාතික සංවිධායක නලින්ද ජයතිස්ස මහතා පවසයි. ඔහු වැඩිදුරටත් පවසන්නේ...
"ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වෛද්‍යපීඨයේ උපාධි රුපියල් ලක්ෂ 75 බැගින් විකිනීම ආරම්භ කර තිබෙනවා. ඒ සඳහා දැනටමත් සිසුන් 13ක් මුදලට බඳවාගෙන තිබෙනවා. තවත් සිසුන් 29ක් මේ වසරේ බඳවා ගැනීමට නියමිත බව එහි පීඨාධිපතිවරයා කියා තිබුනා. ලංකාවේ පෞද්ගලික වෛද්‍යවිද්‍යාලයක් ආරම්භකර තිබුනාට රජයේ වෛද්‍යපීඨයක උපාධි විකුණන පළමු අවස්ථාව මෙයයි

වෛද්‍ය සිසුන් අරගල කලේ මෙයට එරෙහිවයි. ඔවුන් පසුගිය 5වනදා උද්ඝෝෂණ පෙළපාලියක් පැවැත්වූවා. එස්. බී. දිසානායක ඇමතිවරයා වෙනකොහේදෝ යන ගමන් මේ උද්ඝෝෂණයත් දැක තිබෙනවා. එයින් කෝපයට පත්වූ ඔහු එවෙලේම උපකුලපතිවරයා යවා සිසුන්ට අසභ්‍යලෙස බැනවැදුනා. එයිනුත් නොනැවතී මේ වනවිට වෛද්‍යපීඨ ශිෂ්‍ය සංගමයේ සියළු දෙනා ඇතුළු 21දෙනෙකුගේ පන්ති තහනම් කර තිබෙනවා.
ජයවර්ධනපුරයේ සිටින උපකුලපති ඇමතිවරයා එස්. බී. ගේ සට්ටැඹියෙක්. ඔහු සිසු ජීවිත විනාශ කර හෝ ඇමති තෘප්තියට පත් කරන එහෙයියෙක්. ජයවර්ධන පුර වෛද්‍ය පීඨ ඉතිහාසයේ පළමු වතාවට සිසුන්ගේ පන්ති තහනම් කර තිබෙනවා. ඇමතිවරයාගේ පෞද්ගලීකරණ වුවමනාවත් උපකුලපතිවරයාගේ සට්ටැඹි භූමිකාවත් අවසන් කරන්න කාලය පැමිණ තිබෙනවා." යනුවෙනි.

                                                           උපුටා ගැනිම  lankatruth.com

No comments:

Post a Comment