Tuesday 4 June 2013

සුරූපී බොලිවුඩ් නිළි ජියාහ්ගේ මළසිරුර හමුවේ බොලිවුඩ් පුරයම කඳුළු සලයි

බොලිවුඩ් පුරයම කඳුළු සලයි
අමිතාබ් බච්චන්, අමීර් ඛාන් හා ආක්ෂේ කුමාර් වැනි නළුවන් සමග චිත්‍රපට ගණනාවක රඟපෑ 25 හැවිරිදි සුරූපී බොලිවුඩ් නිළි ජියාහ් ඛාන්ගේ මළ සිරුර ඇයගේ නිවසේ එල්ලෙමින් තිබියදී සොයා ගැනීමේ පුවතින් බොලිවුඩ් පුරයම කැළඹී තිබෙන බව වාර්තා වේ.
මුම්බායි නුවර පිහිටි ඇයගේ නිවසේදී ඇය මියගොස් සිටි බවත් මේ පිළිබඳව ඇයගේ මව විසින් පොලීසියට පැමිණි කර තිබෙන බවත් බී.බී.සී. ලෝක සේවය වාර්තා කරයි.
නිව් යෝර්ක්හි ඉපිද ලන්ඩනයේ හැදී වැඩී 2007 වසරේදී බොලිවුඩ් සිනමාවට පැමිණ තිබෙන මෙම නිළියගේ හදිසි අභාවය පිළිබඳව බොලිවුඩ් සිනමා රසියකයින් දැඩි සේ ශෝක වනබව සඳහන්ය.
ඇයගේ ඡායාරූප පෙළක් හා ඇය පෙනී සිටින වීඩියෝ මෙන්න.






No comments:

Post a Comment