Wednesday 19 June 2013

ලොව හොඳම ගුවන් සමාගම එමිරේට්ස්


පසුගියදා පැවති 2013 අන්තර් ජාතික ගුවන් සමාගම් සම්මාන ප්‍රදානයේදී ලෝකයේ ප්‍රධානතම ගුවන් සමාගමක් වන එමිරේට්ස් ලොව හොඳව ගුවන් සමාගම බවට පත්විය.‍

මෙම සම්මාන ප්‍රදානය සිදුකළේ Skytrax සංවිධානය වන අතර මෙම තෝරා ගැනීම සඳහා ගුවන් මගීන්ගේ ඡන්දය භාවිතා කර තිබේ.
මෙහිදී, මැදපෙරදිග හොඳම ගුවන් සමාගම ලෙසත් ගුවන් යානා තුළ හොඳම විනෝදාස්වාදය සපයන්නා ලෙසත් සම්මානයට පාත්‍ර වූයේද එමිරේට්ස් සමාගමයි.
පැරිසියේ පැවති මෙම සම්මාන ප්‍රදානයට එමිරේට්ස් සමාගමේ සභාපති ටිම් ක්ලාර්ක් මහතා සහභාගී විය.

No comments:

Post a Comment