Wednesday 12 June 2013

බාල වයස්කාර දැරියක් ලිංගික අපයෝජනයට ලක් කළ හමුදා සෙබලෙකු ඇතුලු පුද්ගලයින් 2 බන්ධනාගරයට

බාල වයස්කාර දැරියක් ලිංගික අපයෝජනයට ලක් කළ හමුදා සෙබලෙකු ඇතුලු සැකකටයුතු පුද්ගලයින් දෙදෙනෙක් 17 වැනි දින දක්වා රක්ෂිත බණ්ධනාගාරගත කිරීමට බලපිටිය වැඩ බලන මහේස්ත්‍රාත් සමන්ත ආබ්‍රේව් මහතා නියෝග කළේය. මෙසේ ලිංගික අපයෝජනයට ලක්වී ඇතතේ කුලීගොඩ අවුරුදු 15 මාස 07 ක් වයසැති දැරියකි. දැරිය ලිංගික අතවරයට ලක්වී ඇත්තේ වසරකට වැඩි කාලයක් පෙම් සබඳතාවයක් පවත්වාගෙන ගිය රත්ගම ප්‍රදෙශයේ පදිංචි හමුදා සෙබලෙකු අතිනි.
පසුගිය 04 වැනිදා එම සෙබලා විසින් දැරියට එස්.එම්.එස්. එකක් එවා ඇත. එහි සඳහන් කර ඇත්තේ එදින ‍උදේ 6.00 ට අම්බලන්ගොඩ බස් නැවතුමට පැමිණ ඔහු හමුවන ලෙසයි. එහෙත් ඔහු නොපැමිණීම නිසා දැරිය ත්‍රීවිල් රථයකින් රත්ගම සෙබලාගේ නිවස සොයා ගොස් ඇත. අතර මගදී ත්‍රී රෝද රථයේ ඉන්ධන නොමැති වීමෙන් මඟ නතරවී තිබිණ. එහිදී රථයේ රියැදුරුගේ මිතුරෙකු රථයට ඉන්ධන ගැනීමට රුපියල් 500/- මුදලක් දී තිබේ. මෙහිදී දැරියගෙන් තොරතුරු විමසූ එම තරුණයා ඇයට රැකවරණය දෙන බව පවසා අලුත්වල පිහිටි ඔහුගේ නිවසට දැරිය රැගෙන ගොස් තිබේ.
දැරිය නිවසින් අතුරුදන්වීම ගැන ඇයගේ මව විසින් 04 දින අම්බලන්ගොඩ පොලිසියට පැමිණිල්ලක්ද කොට තිබිණි. ඒ ඔස්සේ පරික්ෂණ සිදු කළ අම්බලන්ගොඩ පොලිසිය මීටියාගොඩ පොලිසියේද සහයඇතිව අලුත්වල ප්‍රදේශයේ සඟවා ගෙන සිටි දැරිය සහ තරුණයා අත්අඩංගුවට ගෙන තිබේ. දැරිය පොලිසියට පාපොච්චාරණය කර ඇත්තේ මීට වසරකට පෙර යාළුවී සිටි හමුදා සෙබලා අතින් හික්කඩුව කළුපේ ප්‍රදේශයේ නිවසක දී ලිංගික අතවරයට ලක් වී ඇති බවයි.
එය සිදුවී ඇතතේ ඇයගේ පියාගේ පළමු විවාහයේ වැඩිමහල් පුතාගේ නිවසේ දී බවද ඇය කියා තිබේ. දැරියගේ පියා දෙවරක් විවාහ වී ඇති අතර පළමු විවාහයේ දරුවන් 04 ක්ද දෙවැනි විවාහයෙන් දරුවන් 04 ක් ද සිටිති. ලිංගික අතවරයට ලක් වී ඇත්තේ දෙවැනි විවාහයේ බාලම දැරියයි. යුද හමුදා සෙබලා ස්ත්‍රී දූෂණය සම්බන්ධයෙන්ද අලුත්වල තරුණයා දැරිය සඟවා ගෙන සිටීම සම්බන්ධයෙන්ද ත්‍රී රෝද රථ රියදුරු දැරිය අපහරණය කිරීමට අනුබලදීම සම්බන්ධයෙන්ද රක්ෂිත බන්ධනාගාර ගත කොට තිබේ. අම්බලන්ගොඩ මූලස්ථාන ‍ප්‍රධාන පොලිස් පරික්ෂක නිරෝෂන් රූපසිංහ මීටියාගොඩ පොලිස් ස්ථානාධිපති පොලිස් පරික්ෂක ඩබ්ලිව්. ජී. කේ. චන්දන මහත්වරුන්ගේ උපදෙස් මත අම්බලන්ගොඩ සහ මීටියාගොඩ ළමා සහ කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපතිවරියන් වන කාන්තා පොලිස් පරික්ෂක දමයන්ති රාජපක්ෂ කාන්තා පොලිස් කොස්තාපල් ලක්මාලි යන නිලධාරින් පරික්ෂණ මෙහෙයවති.

No comments:

Post a Comment