Thursday 13 June 2013

වාස්ගුණවර්ධනට දියවැඩියාව හා අධි රුධිර පීඩනය ජුනි 25 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරයි


ජුනි 25 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරයි
කෝටිපති ව්‍යාපාරික මොහොමඩ් සියාම්ව පැහැර ගෙන ගොස් ඝාතනය කිරීමට කුමන්ත්‍රණය කිරීමේ චෝදනාව මත අත්අඩංගුවට පත් නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධනව දියවැඩියාව හා අධි රුධිර පීඩනය නිසා රෝහල් ගතකර තිබෙන බව අනාවරණය වේ.

මේ අනුව, කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබන නියෝජ්‍ය පොලිස්පතිවරයා වෙත ගොස් පරීක්ෂා කිරීමෙන් පසුව ඔහුව ජුනි 25 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත‍්‍රාත් ඒ.එම්. සහබ්දීන් අද නියෝග කළේය.
මේ අතර, නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණර්ධන වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා ඉල්ලා සිටියේ ඔහු අත්අඩංගුට ගත් සැකකරුවන් බන්ධනාගාරයේ සිටින නිසා ජීවිත තර්ජනයක් ඇති හෙයින් ඔහුව බන්ධනාගාර ගත නොකරන ලෙසයි.

No comments:

Post a Comment