Thursday 13 June 2013

රුහුණ සරසවියේ සිසු ගැටුමක්‌ 4 දෙනෙක්‌ තුවාල ලබති

රුහුණ සරසවියේ සිසු ගැටුමක්‌
4 දෙනෙක්‌ තුවාල ලබති



මාතර වැල්ලමඩම රුහුණ විශ්වවිද්‍යාලයේ දී ඊයේ (12 වැනිදා) දහවල් සිසුන් දෙපිරිසක්‌ අතර ඇති වූ ගැටුමක්‌ හේතුවෙන් තුවාල ලැබූ සිසුන් තුන්දෙනකු ද ගල් පහරකින් aතුවාල ලැබූ බවට කියන තවත් සිසුවකු ද ප්‍රතිකාර සඳහා මාතර මහ රෝහලේ 03 වැනි වාට්‌ටුවට ඇතුළත් කොට ඇත.

තුවාල ලබා ඇත්තේ කළමනාකාර මූලය පීඨයේ සිසුන් තිදෙනෙකි. එස්‌. ජී. පී. සමීර මධුරංග, බී. එස්‌. එස්‌. චාමර, ජී. ජී. ටී. මධුසංක සහ එච්. කේ. එම්. එස්‌. ප්‍රියලාල් යන ශිෂ්‍යයන් ය. මෙම සිසුන්ගේ තත්ත්වය බරපතළ නොවන බවට රෝහල් ආරංචි මාර්ග පවසයි. මාතර පොලිසිය වැඩිදුර පරීක්‍ෂණ පවත්වයි.

No comments:

Post a Comment