Thursday, 13 June 2013

හම්බන්තොට වරායේ වාහන කෑලි ගැලවීමේ ජාවාරමක්


හම්බන්තොට වරාය හරහා ගෙන්වන වාහනවල කොටස් වරාය තුළදී හොරෙන් ගැලවීම ඉහළ යාම නිසා වාහන ආනයන කරුවන් දැඩි අර්බුදයකට ලක්ව තිබෙන බව වාහන ආයනයන කරුවන්නේ සංගමයේ ප්‍රධානියෙකු කියයි.
මේ පිළිබඳව අප සමග අදහස් දක්වමින් ලංකා වාහන ආනයන කරුවන්ගේ සංගමයේ ලේකම්, කීර්ති ගුණවර්ධන පැවසුවේ මේ පිළිබඳව සිය සංගමයේ සාමාජිකයින්ගේ පැමිණිලි වැඩිවී තිබෙන බවත් එය ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපතිවරයාට දැනුම් දී තිබෙන බවයි.
වාහනවල කෑලි ගැලවීම පසුගිය මාස දෙක තුළදී විශාල ලෙස වැඩිවී තිබෙන බව හෙතෙම සඳහන් කළේය.
හම්බන්තොට වරාය තුළ සිටින වාහන කෑලි ගලවන හොරුන්ගේ විශාල ඉලක්කයක් වී තිබෙන්නේ හයිබ්‍රීඩ් මෝටර් රථ බව හෙතෙම වැඩිදුරටත් පැවසීය.
මේ පිළිබඳව අදහස් දක්වමින් ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපති ආචාර්ය ප්‍රියත් බන්දු වික්‍රම පවසන්නේ මෙම වංචාව වැලැක්වීම සඳහා මේ වනවිට හම්බන්තොට වරායේ ආරක්ෂාව තර කර තිබෙන බවයි.
වරාය තුළ විශේෂ ආරක්ෂිත කැමරා පද්ධතියක් සවි කිරීමට මේ වනවිට ටෙන්ඩර් කැඳවා තිබෙන බවත් මේ නිසා, ඉදිරියේදී මෙවැනි ගැටලුවක් ඇති නොවනු ඇති බවත් හෙතෙම සඳහන් කළේය.

No comments:

Post a Comment