Friday 14 June 2013

අම්බලන්ගොඩ පොලීසියේ නිලධාරියෙක් පහරදී 30 හැවිරිදි සමන්ති රෝහලේ

වරෙන්තු ලැබූ සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමට ගිය පොලිස් නිලධාරියෙකු සිදුකළ පහරදීමකින් තුවාළ ලැබූ කාන්තාවක් බලපිටිය රෝහලට ඇතුලත් කර ඇති බව වාර්තාවේ.
මෙසේ තුවාල ලබා ඇත්තේ අම්බලන්ගොඩ, කුරුළුබැද්ද ප්‍ර දේශයේ පදිංචි එස්.එම්. සමන්ති නැමැති 30 හැවිරිදි කාන්තාවකි.
පෙරේදා (12) රාත්‍රී වරෙන්තු ලබා සිටින සිය සැමියා අත්අඩංගුවට ගැනීමට පැමිණි පොලිස් අම්බලන්ගොඩ පොලීසියේ නිලධාරියෙකු තම මුහුණට හිස් වැසුමෙන් පහරදුන් බව ඇය ප්‍රකාශ කරයි.
එම පහරදීම සම්බන්ධයෙන් ඇය අම්බලන්ගොඩ පොලීසියට පැමිණිලි කර තිබේ.
කෙසේ වෙතත් පහරදීම සිදුකළ බව කියන පොලිස් නිලධාරියා පවසන්නේ ඇද වැටීම හේතුවෙන් අදාළ කාන්තාවට තුවාළ සිදුව ඇති බවයි.

No comments:

Post a Comment