අනුරාධපුර
පුත්තලම මාර්ගයේ අද අළුයම 5.30 ට පමන පැමිණි යුධ හමුදා ඩිෆෙන්ඩරයක්
කරුවලගස්වැව මන්සන්ධියේදී පාරෙන් ඉවතට පැන ගසක වැදී එහි ගමන්කල යුධහමුදා
කමාන්ඩෝ බලකායට අයත් හමුදා නිලධාරීන් දෙදෙනෙකු එම ස්ථානයේදීම ජීවිතක්ෂයට
පත්වී ඇත.මෙසේ මියගොස් ඇත්තේ කර්නල් හදුන්පතිරගේ සහ කෝප්රල් පුෂ්පකුමාර යන
අයයි. මේජර් ජයසුන්දර නමැති අය බරපතල තුවාල ලබා පුත්තලම රෝහලට ඇතුලත් කර
තිබේ. මොවුන් තිදෙනා මැදවච්චියේ පැවති උත්සවයකට සහභාගී වී කොළඹ පැමිනෙමින් සිටියදී මෙම අනතුර සිදුවී තිබේ.
මෘත ශරීර දෙක පුත්තලම රෝහල් මෘත ශරීරාගාරයේ තබා ඇත
No comments:
Post a Comment